
ජීවිතේ කවියක්
උබ එකේ පදයක්
කීවොතින් ඇත්තක්
නෑ කිසිම අරුතක්
කලින් උබ අකුරක්
පස්සේ උනා පදයක්
ගලපන්න කවියක්
බැලුවා සියසැරයක්
තාලයක් නැතුවත්
එළිසමය බිඳුනත්
හිතින් මම වැටුනත්
ලීවා මම මෙහෙමත්
ගලපන්න බැරි නම්
කවි ආයෙ නොලියම්
දිනෙක මා මැරෙනකම්
උබ ළඟම ඉන්නම්
කවිය මට නැතුවත්
හිස්කමක් තිබුනත්
උබ දීපු එළියත්
මහමෙරක් තවමත්
ආවා දුර කතරක්
නැතුව හැප්පීමක්
දීල මට ඇනයක්
ගියා උබ ඈතක්
ලියන්නට කවියක්
ආයේ තව පාරක්
නැතුව කිසි අගමුලක්
දැන් ප්‍රෙහෙලිකාවක්
Nice one ❤️
LikeLike
Thanks Mihinsa❤️
LikeLike