අවුරුදු තිස් ගාණක් තිස්සේ මැෂින් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරන්න උනේ උබව හම්බවෙච්ච මුල් දවස්වලම තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වෙච්ච නිසා…එක දිගටම නිවාඩු ගන්නේ නැතිව වැඩ කළා…..මට විඳින්න බැරි වෙච්ච ජීවිතේ මම උබට කවදාහරි දෙනවාකියල උබට පොරොන්දු වෙලා වැඩකලා…..පැන්ෂන් ගිහිල්ලත් ආයෙත් වැඩට ආවේ ජීවිතේ ප්‍රශ්න නිසා මිසක් ආසාවකට නෙවෙයි දුවේ…මම වැඩ කරපු තැන අද වෙන කෙනෙක් වැඩ….මම නැති උනා කියලා මැෂිම නැවතුනේ නෑ…එක දිගටම වැඩ…..දුවේ උබට වෙච්ච මේ පොරොන්දුවත් නිකන්ම නිකන් බොරුවක් උනා….මම යනවා…මට සමාවෙයන්!!!!!!
-අම්මා-
මට විඳින්න බැරි වෙච්ච
උබට මං පොරොන්දු වෙච්ච
ලස්සනම ජීවිතය
කවදාහරි දෙනවා මම
නොනිමි වැඩ කන්දක
වැඩ මුරය අට පහට
මැෂිමකට සින්නක්කර
ලිව්වා මම ජීවිතය
හැමදාම එක දිගට
වැඩ එක්ක පොර බැද්ද
මැෂිම නම් දිව්වාට
දිරුවා මගේ ජීවිතය
මහවැලිය වගේ දිගට
එක දිගට එන ප්‍රශ්න
විසඳුමක් නැතුව අද
හිරවෙලා හද කොනක
මම හිටපු නැති ටිකට
මැෂිම වැඩ එක දිගට
හුස්ම මට බරක් කර
වෙන කෙනෙක් වැඩ එතන
උබට දුන් පොරොන්දුව
බොරුවකට ඉතුරු කර
යන්න යමි සදහටම
සමාවෙයන් අම්මාට!!
Like this:
Like Loading...
Related