
ගම දැන් ඉස්සර වගේ නෙවෙයි අම්බානක වෙනස් වෙලා…ඉස්සර ගෙවල් දෙක තුනක් තිබුන ගමේ, දැන් හැම තැනම ගෙවල්….ඉස්සර හෙළුවෙන් පාරේ දුවපු ඇච්චෝ බැච්චෝ අද රැප් සීන් ඇඳුම් ඇඳන් මැර සීන් එකට බැහැලා….හෙනම සීන් එකේ උන් ඉන්නේ….
හැබැයි වෙනස් වෙලා නැති එකම එක දෙයක් තියෙනවා…ඉස්සරත් වාහනයක් පාරේ යනවා නම් වාහනේ තමා අයින් කරන් යන්න ඕන…මිනිස්සු ඉන්නේ පාර මැද….තාමත් ඒක නම් එහෙමයි..අපි වාහනේ අයින් කරන් යන්න ඕන…
මම ඉතින් ළඟදී දවසක් කාර් එකේ යද්දී මුන් සෙට් එකම පාර මැද…මම ඉතින් හෝන් එක ගැහුවා මුන්ට අයින් වෙන්න…අම්මටසිරි එකෙක් මගේ දිහා බැලුවා….ඒ ලුක් එකේ තිබුනේ “උබට ඕන නම් අයින් කරන් පලයන්” වගේ එකක්….
ඉස්සර ඔහොම එකක් උනා නම් වාහනේ නවත්තල බැහැල ගේම ඉල්ලන ජාතියේ නහරයක් තිබුනා….”යකෝ මේක මගෙත් ගම කියලා” වලි දාගෙන හෙනම ගොන් පාට් සීන් එකේ හිටියේ…..
ඒත් අද….මගෙන් ගේමට වගේ මූණ දිහා බලපු එකාට පොඩි හිනාවක් දාලා මම එතනින් ගියා….
එහෙම යද්දී මට මම ගැනම පොඩි ආඩම්බරයක් ආවා…ශා…මම පරිණත වෙලා….ඉස්සර වගේ නෙවෙයි කියලා….ඉතින් ගෙදර ඇවිල්ලත් ගෙදර කට්ටියට විස්තරේ කියලා “බලන්න නේද මම පරිණත වෙලා කියල හෙන ගැම්මෙන් කිව්වා…
කොහෙන් කොහොම හරි නිදා ගන්න ඇඳට ගියාම මම හිතත් එක්ක පොඩි කයියකට සෙට් උනා:
හිත : “මේ මට ඇත්ත කියපන්…උඹ බය උනා නේ ගුටි කන්න වෙයි කියලා?”
මම : ඔව් බං….උන් එකතු වෙලා නෙලුවනම් රජ කෑමක් සෙට් වෙනවා…එහෙනම් මම තාම ගුටි කනවා…උබ කොහොමද දන්නේ මම බය උනා කියලා”
හිත : මම දන්නේ නැද්ද උබ ගැන…අනේ බං උබේ මගුලේ පරිනතකම…පරිණතකම පැත්තක තියලා නිදා ගනින් දැන්