කලකිරුණු පුරවැසියාගේ ලියුම

අවුරුදු 13ක් පුරාවට නොමිලේ මට ලබා දුන් පාසල් අධ්‍යාපනයටත් ඉන්පසුව නොමිලේ ලබාදුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයටත් මම ඔබට සදා ණයගැති වෙමි…නිදහස් අධ්‍යාපනය නොතිබෙන්න මගේ දෙමව්පියන්ට මුදල් ගෙවා ඉගැන්වීමට වත්කමක් නොමැතිබවද මම දනිමි… එහෙයින් ඒ ලබාදුන් නිදහස් අධ්‍යාපනයට නැවත හිස නමා ආචාර කරමි.

අවුරුදු 75ක් තිස්සේ එක එක පිටපත් ලියාගෙන රඟපාලා පෙන්නපු නාට්ටිවලට අපිද හවුල්කරුවන් වුනෙමු…..විටෙක ප්‍රේක්ෂකයන් වී විටෙක හවුල්කරුවන් වී නෑදෑ මිතුරන් සමග රණ්ඩු සරුවල් කරමින් අපිද මේ නාට්ටිවලට විවිධ ආකාරයෙන් සම්බන්ද වුනෙමු..

අන්තිමට දැන් ගහපු පදෙකුත් නැත ගහපු පලුවකුත් නැත….ගහපු බෙරෙත් අන්තිමට අපිට අහිමි වීමට ආසන්නය….

අද රටට අත්වී ඇති ඉරණමට අපිද කුමන අවස්තාවක හෝ සම්බන්ද වී ඇති බව දැනෙන විට හිතට එන කාලකන්නි හැඟීම විස්තර කිරීමට වචන හිතට එන්නේද නැත…

රට හැර ගිය මිතුරන්ගෙන් බහුතරයක් පිටව ගියේ හිතේ තිබුණු කළකිරීම නිසා බව හොඳින් දනිමි…සුදුස්සාට සුදුසු තැනක් නොලැබීම, අසාධාරණය, දුෂණය නිසා රටට අහිමිවෙච්ච මානව සම්පත ගැන කතා කර වැඩක් නැත…

ඇයි බං උඹලා තාම ලංකාවේ ඉන්නේ යන්නේ නැතුව?

..කලින් මෙම ප්‍රශ්නය ඇසුව විටක හිතේ තිබුණු පිළිතුර දැන් පිළිතුරට වඩා හාත්පස වෙනස්ය….

කවදාහරි මේක හැදේවි…..කව්රු හරි මේක හදාවි කියලා රැවටී රැවටී නිදහස් අධ්‍යාපනයේ ණය ටික ඔලුවේ තියන් ඉස්සරහට ගියෙමි…

යාලුවෝ අහන ප්‍රශ්නයට දැන් දෙන්න තියෙන උත්තරේ වෙන්නේ දැන් ටිකක් පරක්කු වැඩියි…නමුත් දැන් ඇතිවී තියෙන තත්වය හමුවේ ලැබෙන අවස්ථාවකින් ප්‍රයෝජනය ගැන රට හැර යාමට නැවත වරක් නොසිතමි…

හොඳ නොවන තුවාලයකට පැලැස්තරයක් දමා වැසූ විට තුවාලය හොඳ නොවන බව අපි හොඳින් දනිමු…. පැලැස්තරය දැමු නිසා තුවාලය පිටතට නොපෙනෙනවා මිසක් තුවාලය හොඳ වෙන්නේ නැත…..පැලැස්තරය නිසා වණ උන තුවාලය ඔඩුදුවාගෙන දැන් මුළු ඇඟටම වේදානවක් වී ඇත….තුවාලයට බෙහෙත් නොකර පැලැස්තර ගැසීමෙන් කිසිම පලක් නැති බව තේරුම් ගැනීමට කාලය එළඹ ඇත.

දැනට රඟපාන දොස්තර වෙනස් කර කලින් හිටපු හෝ ඉන්න දොස්තර කෙනෙකුට වැඩේ භාර දීමෙන්ද කිසිම වැඩක් නැත…කලින් හිටපු දොස්තර හරියට බෙහෙත් කලේ නැති නිසා කරන්න දෙයක් නැහැ යනුවෙන් නිදහසට කාරණා කියන විට තුවාලය තවත් වණවී ලෙඩා මිය දෙන බව දනිමු….

තුවාලය හොඳ කිරීම ලෙහෙසි නැති බවද මම දනිමි…..දැන් ඇතිවී ඇති තත්වය යටතේ තුවාලය හොඳ කිරීමට නම් දැඩි වේදනාවක් ගෙනෙන බෙහෙත් පාවිච්චි කිරීමට සිදුවන බවද හොඳින් දනිමි….පැලැස්තර වලින් බැට කෑ නිසා ඒ බෙහෙත්වලින් එන වේදනාව විඳීමට මම සූදානම් නැති බව මට හැඟෙමි….පැලැස්තර නිසා අපිට සිදුවූ වේදනාව නළු නිළියන්ට, පිටපත් ලියපු අයට දැනෙන්නේ නැති එක ගැන කනස්සලු වෙමු…ඔවුන්ට තුවාලයේ කිසිම වේදනාවක් නොදැනීම ගැන දුකක්, තරහක් මෙන්ම සියුම් ඉරිසියාවක්ද සිතේ ඇත….

තුවාලය හොඳ වෙන කාලයකසමහරවිට මම මෙහි නොසිටිය හැකිය…සමහරවිට තුවාලය එක්කම මෙහි මියැදීමටද ඉඩ ඇත…මම නැති අඩුවක් පිටපත් ලියන අයට හෝ නළු නිළියන්ට කිසිදා නොදැනෙන බවද දනිමි….

පිටපත් ලියන අයගෙන් කාරුණික ආයාචනයක් කරමි……නැවත පිටපත් ලියන විට මිනිස් ජීවිත වලට වටිනාකමක් දෙන මෙන් කාරුණිකව ඉල්ලමි….නාට්‍ය ජනප්‍රිය කිරීමට මිනිස් ජීවිත බිල්ලට නොගෙන, ජාතිවාදය, ආගම්වාදය පාවිච්චි නොකරන මෙන්ද ඉල්ලා සිටිමි……..

අදින් පසු මම නැවත ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයෙක් යැයි නොපවසමි…..

එක කලකිරුණු ලාංකිකයෙක් පමණක් වෙමි

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “කලකිරුණු පුරවැසියාගේ ලියුම”

  1. කීවා කුඩා කල මේ පින් බිම කියා
    දුන්නා තුති උපන්නාට මේ රටේ….
    විසිපස් වසරක් ගෙවුනු තැන දිවිමං පෙතේ
    සැලසුම් අඳින්නෙමි යන්නට පින් බිමෙන්…
    රට ලස්සනයි සම්පත් පිරි සුරපුරක්
    පෙර පවකට ආවා එක සොර මුලක්…..
    දැන්නම් ඉතින් නෑ කිසිදා ගැලවුමක්
    ‍යන්නට සොයමි හැරදා මෙය වෙන රටක්…..

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s