අපි හැමෝම අහලා තියෙන කරත්ත කවියක් තියෙනවා….මේක අද දවසේ අපේ ජීවිත වලට හොඳටම ගැලපෙන තේරුමක් තියෙන කවියක්
තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා
අපි බලමු මේකේ තේරුම….
තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කියන එකෙන් අදහස් වෙන්නේ එක එක පැත්තට අපිව දක්කන්න හදන පාලකයෝ ගැන…උන්ගේ කැමැත්තට, උන්ට ඕන යන පැත්තට උන් අපිව එක්කන් යනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා කියන දෙවෙනි පේලියෙන් අදහස් වෙන්නේ මේ වගේ දෙයක්…කටු කැලේ කියන්නේ අපේ ජීවිතේ දැනට මූණ දෙන පෞද්ගලික ප්‍රශ්න, ඒ මූණ දෙන ප්‍රශ්න වලට අමතරව අපිට පොඩි නිදහසක්වත් නැතුව අපිට තව තව වැඩ දෙනවා…ගෙදර ගියාම කරන්ට් නෑ, පෙට්‍රල් නෑ, ගෑස් නෑ, බඩු හැමදේම ගණන්..එක දිගට අපිව පීඩනයකට දාන එක තමා ගාල නොලිහා වැඩ දෙනවා කියන්නේ
තුන්වෙනි පදේ හපුතලේ කන්ද දැකලා බඩ දනවා, හපුතලේ කන්ද කියන්නේ ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න..ඒ කියන්නේ අපි තාම කන්ද නගින්න පටන් ගත්තේ නෑ එහෙමත් නැත්නම් අපි තාම ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න පටන් ගත්තේ නැ…අපි තාම ඉන්නේ කන්ද පාමුල කියලා, ඉස්සරහට එන්න තියෙන ණය කන්ද, මිල වැඩිවීම්, ආහාර අර්බුද තමා මේ කන්ද….දැනටමත් පෑගිලා තෙරපිලා ඉන්න අපිට මේ කන්ද දැක්කම බඩ පපුව දන්න ගන්නවා
අන්තිම පදේ තියෙන්නේ පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා කියලා…පව්කළ ගොනා කියන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාව, දක්කන එවුන් ඇති කරපු ප්‍රශ්න, උන් හදපු අර්බුද ඉස්සරහ තියෙන බව දැන දැනත් ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න අපි උන්ව අපේ ඇඟ උඩ තියන් ඉස්සරහට යනවා