අරගලයට ජය

ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කියන්නේ ඇමරිකාවේ හිටපු 16 වෙනි ජනාධිපතිවරයා. එතුමා කියපු ලස්සන කතාවක් තියෙනවා

You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time

ඔබට එක අවස්ථාවක සියලුම දෙනා මෝඩයාට ඇන්දවිය හැකිය, සමහරක් දෙනා සැමවිටම මෝඩයාට ඇන්දවිය හැකිය…නමුත් සියලුම දෙනා හැමවිටම මෝඩයන්ට ඇන්දවිය නොහැක….

මේ රට පාලනය කරපු ගොඩක් උන් හිතන් හිටියේ හැමෝම හැමතිස්සෙම මෝඩයෝ කරන්න පුළුවන් කියල…

අපිත් හිතන් හිටියේ මේ විදිය වෙනස් වෙන එකක් නැති වෙයි කියලා….එහෙම හිතන්න මූලිකම හේතුව උනේ අපේ පාලකයෝ පාවිච්චි කරපු Divide and rule උපාය මාර්ගය නිසා…

මොකක්ද මේ Divide and rule කියන්නේ????

හරිම ලේසියි..මිනිස්සු එකට එකතු උනාම බලය වැඩි නිසා මොනවමහරි විදියකින් මෙයාලව වෙන් කරන්න බලන්නේ….මොනවද තියෙන විදි මෙහෙම මිනිස්සු වෙන් කරන්න? කුලය,ජාතිය,ආගම!!!

ලංකාවේ ඉතිහාසය දිහා නිකන් අරන් බලන්න….මුලටම අපිව බෙදුවා කුලවලින්…..ගොවිගම, කරාවේ, දුරාවේ, බෙරව…… ඊටපස්සේ ඕක පිටින් දාලා චන්ද ගත්තා…අපේ කුලේ ආරක්ෂා කරන්න ඉන්නේ අපි විතරයි, උබලට හැමදාම උනේ අසාධාරණකම්, අපි එකතු වෙමු කියලා…ඉතින් අපි කුල වලින් බෙදිලා ගියා…උන්ට ඕන දේ උනා…උන් දිනුවා

කුල කේස් එක යල් පැනගෙන එද්දී අලුත් තුරුම්පුවක් හොයා ගත්තා….ඒක තමා “ජාතිය”….බෙදුවා සිංහල ජාතිය, දෙමළ ජාතිය කියලා….ද්‍රවිඩ ජාතිකයන් ඔක්කොම ත්‍රස්තවාදියෝ කියලා අදහසක් ඔලුවට දැම්මා…..උන්ට ඕන දේ උනා…උන් දිනුවා

යුද්දේ ඉවර වෙලා ටික දවසක් යද්දී අපිට තේරුනා අපි හැමෝම ලාංකික ජාතියක් සිංහල දෙමල කියලා වෙනසක් නෑ කියලා…මේක උන්ට ඇහේ කටු අනිනවා වගේ උනා…සිංහල දෙමළ තුරුම්පුව හරි යන්නේ නැති නිසා අලුත් තුරුම්පුවක් ගැහුවා….ඒ “ආගම”.. බෞද්ධ, කතෝලික එරෙහිව මුස්ලිම්…මේ තුරුම්පුව නියමට වැඩ කළා….අපිත් එක්ක එකට බත් එක කාපු මුස්ලිම් යාළුවො දිහා ත්‍රස්තවාදියෙක් විදියට බලන්න පටන් ගත්තා…අපි බෙදුනා, උන් දිනුවා…

දැන් වෙද්දී මේකත් උන් ගහපු ගේමක් කියල අපිට තේරුම් යන්න පටන් ගත්තා…..

කුලවලින්, ජාතියෙන්, ආගමෙන් වෙන් කරපු අපි අද එක රටක් වගේ එකතු වෙන්න පටන් අරන්……ඒ අපි ඔක්කොම ශ්‍රී ලාංකික!!! දැන් අපිව බෙදන්න තව විදි බලාවි, තව මොනවහරි තුරුම්පු ගහවි,(මට දැනෙන විදියට එන්න පුළුවන් එකක් තමා සාමාන්‍ය ජනතාව එරෙහිව ආරක්ෂක අංශ) ඒත් මේ යන විදියට අපිව ආයේ මෝඩයෝ කරන්න අමාරු වේවි…..

අවුරුදු ගාණක් තිස්සේ කරපු බෙදීම් අද එකතු වෙලා ශක්තිමත් වෙනවා….

මුස්ලිම් සහෝදරයෝ අරගල භුමියෙදී ෆාස්ටින් ඉවර කරද්දී හැමෝම එකා වගේ එකතු වෙච්ච හැටි, හාමුදුරුවොන්ට දානේ පිළිගන්වන්න කතෝලික පියතුමන් පෙළ ගැහුන හැටි, ආගම් ජාති එකතු වෙන එක සංදර්ශනයක් කියල හිතනවා නම් උබට තාම වැරදිලා……

අපේ ගමන හෙමින් වෙන්න ඇති….එත් අපි දැනට ජයග්‍රහණ ගොඩක් ලැබුවා……මහා බැංකුව ස්වධීන කළා, හොර පවුලේ සෙට් එකක් කැබිනට් එකෙන් එලෙව්වා, රටේ හංගන් හිටපු ඇත්ත තත්වේ එලියට දැම්මා, හොරු කොටු කරන්න විදි හොයා ගත්තා…….ඔය හැම එකටම වඩා අපිට ලැබුන ලොකුම ජයග්‍රහණය තමා අපේ “එකමුතුකම”….

උන් අපිව බෙදන්න විදි හොයාවි, භේද කරන්න බලාවි….අපි සීරුවෙන් ඉමු!!!

ආ මග කෙටියි….යා යුතු මග දුරයි!!!!!

අරගලයට ජය!!! ❤ ❤

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

2 thoughts on “අරගලයට ජය”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s