මුලකුරු සමග නම….
මේක උනේ කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ පලවෙනි සෙමෙස්ටර් එකේ…ඇඩ්මින් ඩිපාට්මන්ට් එකේ සබ්ජෙක්ට් එකක්…අපි ඒ සබ්ජෙක්ට් එක උගන්වපු සර්ට පට්ටම බයයි…සර්ට පොඩ්ඩක් ඇත්තන් මල පනිනවා…කොටින්ම කියනවා නම් අපි ලෙක්චර් එකේදී පොඩ්ඩක්වත් හෙල්ලෙනේවත් නෑ…
සර් ගේ නම නම් මතක නෑ….අපි කිව්වේ “රෙපෝ” කියලා, Therefore කියන එක අපිට ඇහෙන්නෙම රෙපෝ කියලා…ඉතින් අපි සෙට් එක කිව්වේ රෙපෝ සර් කියල
එදා උදෙත් රෙපෝ සර් ගේ ලෙක්චර් එකක්….එදා තව මොනවහරි ඩිපාට්මන්ට් එකේ රෙජිස්ටර් වෙන්න ෆෝම් එකක් දීලා තිබුනා …ඒ පුරවන්න දීපු ෆෝම් එක මාරම Complicated…සිංහලෙන් පුරවන්න තිබුනේ…ඒක පුරවලා සර්ට බාර දීලා සර්ට කියල අත්සනක් දාන්නත් තිබුනා
ඔය ෆෝම් එකේ එක තිබුන පලවෙනි ප්රශ්නේ
- මුලකුරු සමග නම (ඉංග්රීසියෙන්)
අපි දැන් දහ අතේ කල්පනා කරනවා මොන වඳුරු කුණුහරප ප්රශ්නයක්ද මේක කියලා…ෆෝම් එක සිංහලෙන් පුරවන්නලු…මුලකුරු සමග නම ලියන්නලු….වරහන් ඇතුලේ ඉංග්රීසියෙන් කියලත් තියෙනව….වැඩේ චොර උනොත් සර්ගෙන් බැනුම් අහන්නත් වෙනවා…මොකද අපි දැක්ක සර් බනිනවා ළමයින්ට ෆෝම් එකේ වැරදි කියා කියා
අපේ සෙට් එකේ මුලටම ෆෝම් එක භාර දෙන්න තිබුනේ චානාට….පොර දැන් ෆුල් තක්බීර් වෙලා ඉන්නේ…කොහොමද යකූ මේක පුරවන්නේ…..
චානගේ සම්පූර්ණ නම
ලියනගේ දොන් චානක නුවන් කුමාර
එතකොට මේ ෆෝම් එකේ හැටියට හරි නම ලියන්න ඕන
එල්. ඩී. සී. එන් කුමාර කියලා….
මම දැක්කා චානා ෆුල් හොල්මන් වෙලා ලේන්සුව අරන් දාඩිය පිහිදනවා..චානාට එහා පැත්තේ හිටියේ මනෝෂ්, මනෝෂ්ට එහා පැත්තේ මම….
ඊටපස්සේ ෆෝම් එක දිහා බලන් ඉඳලා චානා, අපිට කින්ඩි හිනාවක් දැම්මා…
“යකෝ මේක ලේසි ප්රශ්නයක්, උබලට මේකවත් තේරෙන්නේ නැද්ද…උබල අත උස්සලද බං කැම්පස් ආවේ…ඉඳහන් මම මේක ගොඩ දාන්න” කියලා පොර ලිව්වා නම
ලි. දො. චා. නු කුමාර කියලා
එහා පැත්තේ හිටපු මනෝෂ් කිව්වා, “ඕක වැරදි බං උබට පිස්සු”
චානා: “උබ දන්න ඉටි ගෙඩිය, මේක හරි.. මෙහෙම තමා ලියන්න ඕන”
චානා ෆුල් ගැම්මෙන් කියපු නිසා මටත් පොඩි කික් එකක් ආවා..ඉතින් මායි, පුබෝයි ශේප් එකේ ඒ වගේම ලියා ගත්තා…
දැන් ආවා චානගේ චාන්ස් එක……වීරයා වගේ නැගිටලා ගියා සර් ගාවට ෆෝම් එක එක්ක
සර් ෆෝම් එක කියවලා, චානගේ දිහා බැලුවා, ආයේ ෆෝම් එක කියෙව්වා, චානා දිහා බැලුවා, සර් ගේ මූඩ් එක දැන් ටික ටික වෙනස් වෙනවා අපිට පේනවා…
සර් :
“ලිදොචානු කුමාර??? ලි නෙවෙයි එල්, දො නෙවෙයි ඩී, චා නෙවෙයි සී, නු නෙවෙයි එන්… (සර් තරහෙන් වෙව්ලනවා) තමුසෙට පිස්සුද ඕයි??? මොකක්ද මේකේ තේරුම?? අත උස්සලද කැම්පස් ආවේ??තමුසේ ඒ ලෙවල් පාස් උනේ කොහොමද??? අනේ අම්මප මෙහෙම උන් නේ රට බාර ගන්න ඉන්නේ
සර් චානගේ රෙදි ගලවනවා…මායි, පුබෝයි දාඩිය දාගෙන, පශ්චාත් බාගය ඉරාගෙන ෆෝම් එක ටිපෙක්ස් කරනවා
වීරයෙක් වගේ ඉස්සරහට ගිය චානා බැනුම් අහලා අහලා ආවා රෙදි ගලවාගෙන මුළු E2 එක ඉස්සරහම….කෝමහරි චානට පින් සිද්ද වෙන්න අපේ අනිත් සෙට් එක බැනුම් අහන්නේ නැතිව බේරුනා ❤