අලුතෙන් සීරිස් එකක් පටන් ගත්තා…යාළුවො කරපු ගොබ්බ වැඩ ගැන සමාජේ දැනුවත් කරන්න…එතකොට අනිත් උන්වත් මේ කතා කියවලා හැදේවි කියල මට හිතෙනවා…අද තමා පලවෙනි කොටස..
අද කතාවෙන් කියන්නේ මගේ හොඳම යාලුවෙක් වෙන දුලංග කරපු වීර ක්‍රියාවක් ගැන
ඔන්න ඉතින් දුලංග ට්‍රිප් එකක් ප්ලෑන් කරා යාළුවො එක්ක යන්න..අවුරුදු ගානක් තිස්සේ කටින් ප්ලෑන් කරලා, වට්ස්ඇප් ගෘප් හදලා යන්තම් වැඩේ ගොඩ දාගත්තා..ට්‍රිප් එක යන්න දුලංගලගේ ගෙදරින් පිටත් වෙන්න තිබුනේ උදේ 3.30ට විතර. ඔන්න ඉතින් කිවියා, දෙලා, රජා දුලන්ගලගේ ගෙදරට සෙට් උනා උදේ 3.30 වෙද්දී…
කොළඹ හතේ ඉන්නවා වගේ ටෝක්ස් ඉශු කරාට දුලංග ඉන්නේ කොටවිල…වැලිගමෙන් ඇතුලට යන්න ඕන තව 10km විතර…
හරි ඔන්න දෙයියෝන්ගේ පිහිටෙන් 3.30ට ගෙදරින් පිටත් වෙලා යනකොට දුලංග දැක්කා පාරේ තඩි බෑග් එකක් උස්සන් යන මනුස්සයෙක්ව…..
ඉතිං දුලංග අනිත් සෙට් එකට කිව්වලු “ඒ පව් බං මේ මනුස්සය, ලොකු බෑග් එකකුත් උස්සන් කොහොම යනවද දන්නේ නෑ….පාරේ වාහනෙකුත් හොයා ගන්න නෑ…අපි මේ මනුස්සයව හේන්වල හන්දියෙන් (ගාලු පාර) දාගෙන යමු…ලොකු පිනක් මචන් කියල
අනිත් සෙට් එකම එක හෙලාම මේ යෝජනාවට අකමැති උනේ මේ මනුස්සයා මොන වගේ එකෙක්ද කියල දන්නේ නැති නිසා….
කිවියා: “කව්ද බන් දන්නේ මිනී මරුවෙක්ද කියලා…අහක යන කුණ්ඩ හට්ටි දා ගන්න ඕන නෑ අපේ ගමන අපි යමු”
දුලංග : එහෙම කියන්න එපා බං…අපි ඔක්කොම මනුස්සයෝ….මනුස්සයෝ විදියට අපි අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ඕන මචන්, නැත්නම් මේ ලබපු මනුස්සබවයෙන් වැඩක් නෑ මචං”
දුලංගගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න බැරිම තැන අනිත් සෙට් එක කැමති උනා ඉතින් මේ මනුස්සයව දාගෙන යන්න….කොහොමහරි ඒ මනුස්සයව හේන්වලින් බස්සන්නේ නැතුව වලිගමටම එක්කන් ඇවිත් බස් එකක නග්ගලා තමා දුලංග ගිහින් තියෙන්නේ….මුගේ වැඩ නිසා අනිත් උන්ට පට්ට් මළලු, ඇයි ඉතින් පරක්කු වෙනවත් එක්ක නේ…..
කොහෙන් කොහොම හරි උදේට කන්න වාහනේ නැවත්තුවම දුලංගට අම්මගෙන් කෝල් එකක් ඇවිත්
“අනේ බලන්න පුතේ ලොකු තාත්තාලට හරි කරදරයක් වෙලා තියෙන්නේ…උදේ පාන්දර ගෙදරට හොරෙක් පැනලා…කඩේ ඉඳල ගෙනාපු සල්ලියි, රත්තරන් බඩුයි, තව ඉලෙක්ට්‍රික් බඩු හොරකම් කරලා….අපි මේ අල්ලපු ගෙදර cctv එකෙන් දැක්කා, රතු ටී ෂර්ට් එකක් ඇඳලා ලොකු බෑග් එකක් උස්සන් ඒ පැත්තේ ඉඳලා එනවා” කියලා
මනුස්සබවයක් ලැබුණු දුලංගට දැන් මොනව හිතෙන්න ඇද්ද
-නිමි-
යාළුවොන්ගේ වික්‍රම-01