යාලුවන්ගෙ වික්‍රම – 04

අත්තියගෙ යට කලිසම

මේක මම රත්තනපිටිය බෝඩිමේ ඉන්නකොට වෙච්ච සීන් එකක්

අද කතා නායක අත්‍තියා!

අත්තිය කියන්නෙ පට්ටම හිත හොඳ එල කොල්ලෙක්…සුපිරිම චරිතයක්….නියම බොක්කක්…
රෑ ජාමෙට ඕන වෙලාවක කෝල් එකක් දුන්නොත්, අත්ති මට පොඩි ප්‍රශ්නයක් කියලා ඒ වෙලාවෙම යාපනෙ ඉඳන් මාතරට උනත් එන චරිතයක්…

ඒ වුනාට සමහරවෙලාවට පොරගේ ට්‍රැක් අවුට්….

මම එක උදාහරණයක් දෙන්නම්…

දවසක් අපි බෝඩිමේ සෙට් එකම එකතු වෙලා බර දේශපාලන සාකච්ඡාවක්…. ඒ දවස්වල තමා ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබුනේ…. ඉතිං කට්ටියක් ෆෝන්සේකා මහත්තයට සපෝර්ට්…අනිත් කට්ටිය මහින්ද මහත්තයට සපෝර්ට්….දැන් මේ සාකච්ඡාවක් එන්න එන්නම උනුසුම් වෙනවා…එකා එකා මරා ගන්න සීන් එකටම ඇවිත් තියෙන්නෙ…

අත්තියත් වාඩිවෙලා කතාව අහන් ඉන්නව…�ඔහොම සාකච්ඡාවක් නැගල උච්චම තැනට එද්දී අත්තිය එක පාරටම කිව්වා

“ඒ වුනාට බං අපේ පැත්තේ මිනිස්සු නම් හවස හයෙන් පස්සෙ පාරෙ බුදියන්නෙ නෑ”

ඔක්කොම එක පාරට සයිලන්ට් උනා…. පන්නාට (දනුශ්ක) මල පැන්නා…

“මොන මිනිහද ගොනෝ පාරෙ බුදියන්නෙ?�තොට පිස්සුද ඒ කියන්නෙ තොපිලගෙ පැත්තේ මිනිස්සු හවස 6ට කලින් පාරෙ නිදියනවද?�ගොං කතා කියන්න එපා යකෝ”

ඔන්න ඔහොම ක්‍රැක් කේස් එකක් අත්තියා…

හරි අද කතාව බලමු…

අපේ බෝඩිමේ මගේ බැච් එකෙන් හිටියෙ මම විතරයි.. අනිත් ඔක්කොම සෙට් එක මට වැඩිය අවුරුදු දෙකක් ජූනියර්. ඒ උනාට අපි සෙට් එකෙම හිටියෙ එකට. මම, අත්තියා, පන්නා, පතුලා, ඇල්ටො, ජෙටා, හිරියා, එදිරි, ඩෝරා, ගැට්ටා, බ්‍රැකටා හෙනම සෙට් එකක් හිටියා. මම කලින් ලියපු බෝඩිමේ කතා කියෙව්ව නම් ඔය නම් ටික අහල ඇති…

ඉතිං දැන් ඔන්න මුන් සෙට් එක හාහාපුරා බැච් ට්‍රිප් එක යන්න සෙට් වෙලා. බැච් ට්‍රිප් එක යන්නෙ රැග් සීසන් එක ඉවර උනු ගමන් නිසා..කට්ටියම හෙන බැච් ෆිට් මොරාල් එකේ ඉන්නෙ..

ඔය දවස්වල අත්තියා එහෙම හෙනම බැච් මොරාල් එකේ. දවසක් මම බෝඩිමේ පාඩම් කර කර ඉද්දි ලොකු රණ්ඩුවක් වගේ ඇහෙනවා.
අත්තියලගෙ බැච් එකේ එකෙක් සීනියර් කෙනෙක් එක්ක වලියක් දාගෙන.. වලිය දාගත්ත එකාව අත්තියා දන්නෙත් නෑ…මොකක්ද සීන් එක කියලා අත්තියා දන්නෙත් නෑ.. දැන් මූ මෙ කට්ටිය එකතු කරනවා සීනියර් බැච් එකට ගහන්න යන්න.

මාත් ගිහින් ඉතිං පොඩ්ඩක් පොර ෆෝම් කලා (මම දැනන් හිටියා ඉතිං රජ කෑමක් සෙට් වෙනවා කියලා අත්තියට. ඒත් ඒ පාඩම මූ ඉගෙන ගන්න ඕන නෙ)

“ඔව් බං…මේක උබලගෙ බැච් එක..උබල එකතු වෙන්න ඕන..උබලට කවදාහරි ඉතුරු වෙන්නේ උබල විතරයි (මාත් හෙන ගැම්මෙන් අත්තියට තෙල ගහනව) මට පේනවා පොරගේ මොරාල් වැඩි වෙනවා…මටත් ඉතින් හෙන ආතල්

පොර ඉතිං වලියට යන්න ගියා. මාත් හවස දත කට ඇරන් බලන් ඉන්නවා මූ ගුටි කාලා එන හැටි බලන්න..වැඩක් උනේ නෑ වලිය ගිහින් නෑ..අපරාදේ මම තෙල ගහපු එක…

දැන් ඔන්න බැච් ට්‍රිප් එක දවස ටික ටික ලං උනා…

ට්‍රිප් එකට කලින් දවසේ බෝඩිමේ සෙට් එක සෙට් වෙලා…සමහර උන් බොන්න සෙට් වෙච්ච පලවෙනි දවස…බයිට් එකට කඩල, මයියොක්කා, වඩේ, මුරුක්කු, ඇන්ටිගේ කඩේ එළවලු රොටි, බිත්තර රොටි.

බොන්න තිබුනේ ගල්.

ඔෆිස් එකේ වැඩ වගයක් තිබුන නිසා මම මගේ කාමරේට වෙලා වැඩ කර කර හිටියේ (තුන්වෙනි අවුරුද්දේ ඉඳල අපිට වැඩ කරන්න යන්න පුළුවන්)

ටික වෙලාවකින් අත්තිය කෑම බැග් එකක් අරන් ආවා මගේ කාමරේට.

පොර මට කතා කරන්නේ ඉසුරු අයියා කියල

“ඉසුරු අයියේ බලනවකෝ. මට මාර චාන්ස් එකක් සෙට් උනා. විජේරාම හන්දියේ බාර් එක ගාව කඩල විකුණන ඩයල් එක මාත් එක්ක ෆිට් උනා…අපේ උන් අද සෙට් වෙනවා කිව්වම පොර මට බැදපු මාළුවෝ පාර්සල් එකක් නිකන් දුන්නා. ආ කන්න”

කියලා මටත් දුන්නා.. මාත් එකෙක් අරන් කටක් කෑවා විතරයි…මට තේරුනා වැඩේ අවුල් කියලා…මම ටග්ගාලා දුවලා එලියට ගිහින් කටෙන් එලියට දැම්ම.

මම : “යකෝ කන්න එපා ඕක නරක් වෙලා”

අත්ති : “පිස්සුද ඉසුරු අයියේ…මේවා දෙහිඅත්තකන්දියේ බඩවල්…ඕන කෑමකට ඔට්ටුයි…

පොර ඒක අරන් ගියා ආයේ බොන තැනට…කොහොමහරි මූ විතරයි මාළු ටික කාලා තියෙන්නේ. අනිත් උන් ඔක්කොම කියලා මේක නරක් වෙලා කියලා…

දැන් පාටිය නැගල යනවා…ජෝතිපාල, මිල්ටන් සින්දු ඇහෙනවා… ටික වෙලාවකින් මගේ කාමරේ දොරට තට්ටු කරනවා එකෙක්..මම දොර ඇරියා…පතුලා ඇවිත් තියෙන්නේ…වැනි වැනි ඉන්නවා දොර ගාව

“ආදරෙයි හොඳේ ඉසුරු අයියේ….මගේ බොක්ක හොඳේ” මාව බදාගෙන ඔහොම කියල පොර ගියා

කොහ්මහරි දැන් ඉතින් පස්සෙන්දා උදේ සෙට් එකම හන්තානේ ගියා…සති අන්තේ නිසා මාත් මාතර මහ ගෙදර ගියා…. ආයේ මට අත්තියා සෙට් උනේ සඳුදා හවස. මම කාමරේ ඉන්නකොට පොර ආවා කාමරේට

අත්ති : “ඒ ඉසුරු අයියේ බැච් ට්‍රිප් එකේදී මට බලු සීන් එකක් සෙට් උනා නේ”

මම : “මොකෝ උනේ”

අත්ති : “බඩ අවුල් ගියා නේ අප්පා”

මම : “මම තොට කිව්වා අරක කද්දී”

අත්ති : “හරි හරි..අහන්නකො….තැන් තුන හතරකදී සෙට් උනා…මම ශේප් එකේ කැලේට දුවල රිලීස් කළා”

මම : “කොහොමද ඕයි හේදුවේ”

අත්ති : “තණකොළ පිහිට තමා” (පොර කින්ඩි හිනාවක් දැම්මා)

මම : “උබත් අනේ මන්දා බං”

අත්ති : “අහන්නකො ඒක නෙවෙයි හොඳම සීන් එක…අන්තිම පාරට බොක සෙට් වෙද්දී මගේ බඩ රිදෙන්න ආවා අම්බානක…මම හිතුවේ මම මැරෙයි කියල ඉසුරු අයියේ…දඩ බඩ ගාලා කැලේට දුවලා මම කලිසම ගලවද්දීම පොඩ්ඩක් ලන්කට් එකේ ගෑවුනා නේ”

මම : “ඉතින් උබ ලන්කට් එක හන්තාන කැලේට වීසි කලාද?”

අත්ති : “පිස්සුද ඉසුරු අයියේ…ඒක අලුත්ම ලන්කට් එක….මම රුපියල් 190 දීලා ගිය සතියේ ගත්තේ…එහෙම කොහොම වීසි කරන්නද….මාර අපරාදයක් නේ. මම ඒක රෝල් කරලා සාක්කුවේ දාගත්තා”

මම : “තොට පයිත්තියන්ද!!!! ඊයා බං…..

අත්ති : “අහන්නකො අයියේ…කොහොමහරි බස් එකට අපි ආයේ රෑ එද්දී උදේ 3 විතර වෙලා…ඔක්කොම හන්තර් වෙලා වැටිලා ඉන්නේ බස් එකේ…දැන් බස් එක ඇතුලේ පට්ටම ගඳයි….ගන්දස්සාරේ බෑ… එකෙක් කිව්වා කවුරුහරි ජරාවක් පාගන් ඇවිත්ද කොහෙද….මාත් ඉතින් උන් එක්කම සෙට් වෙලා ඔව් ඔව් කවුරුහරි මොනවා හරි පාගන් ඇවිත් කියලා …ජරාව පාගන් ආවේ කවුද කියල හෙව්වත් එක්ක….උන් අන්තිමට ඔක්කොම සෙට් එක උදේ 3ට බස් එකෙන් බස්සලත් චෙක් කළා…මාත් ඉතින් උන් එක්කම චෙක් කළා..අහු උනේ නෑ කියන්නකෝ..මම දැන් ඇඳන් ඉන්නෙත් මේ ඒක

මම : බැහැපන් යකෝ මගේ ඇඳෙන්

අත්ති: හරි හරි හෝදලා තියෙන්නේ

මූත් අම්මපා රජ ඩයල් එකක් නේ….

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s