මානසික විෂාදය

මම ඉස්සර හිතුවෙ සියදිවි හානි කරගන්නෙ දුර්වල, කිසිම දෙයක් දරා ගන්න බැරි මිනිස්සු කියලා. මට ඇත්තටම ඉස්සර හරි තරහයි සියදිවි හානි කරගන්න මිනිස්සු දැක්කම. සමහර වෙලාවට මට හිතිලා තියෙනවා එහෙම පොඩි දෙයක්වත් දරා ගන්න බැරි නම් ඉඳලා වැඩකුත් නෑ නේ කියලා.

මම කොච්චර මෝඩ විදියටද හිතලා තියෙන්නෙ කියලා මට තේරුම් ගියේ මම depression (විසාදය) ගැන මම අහලා මගේ ළඟම යාලුවෝ මේකෙන් විඳවගන්න ගත්තම.

ඒක තමා අර කියන්නෙ. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි කියලා. ඒවගේ දේවල් තමන්ටම අත්විඳින්න උනාම තමා තේරෙන්නෙ මේකෙ බරපතලකම. ඒක නිසා මම සමාව ඉල්ලනවා මම එහෙම කරපු ගොං comment එකක් තියෙනවනම් සියදිවි හානිකර ගැනීම් ගැන.

අපි හැමෝම ඉන්නෙ මේ අරගලයක. ඒක පිටින් කාටවත් පෙනුනෙ නැති උනාට අපි විතරයි ඒක දන්නෙ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා.

සමහර ප්‍රශ්න තියෙනව විසඳගන්න අමාරුම තැනකට ආවොත් එක්කෙනකුට හිතෙන්න පුළුවන් මේකට තියෙන එකම විසඳුම සියදිවි හානිකර ගැනීම කියලා. Suïcide කලා කියලා ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඒකෙන් වෙන්නෙ වේදනාව තව එක්කෙන්කුට හරි පව්ලෙ අයට හරි ඉතුරු වෙන එක විතරයි.

Depression කියන්නෙ විහිලුවක් නෙවෙයි. උදව් අවශ්‍ය නම් ළඟම හිතවත් කෙනෙක්ට කියන්න. ළඟම කියන්න කෙනෙක් හරි විශ්වාස කරන්න හරි කෙනෙක් නැත්නම් “ශ්‍රී ලංකා සුමිත්‍රයෝ” එකට කතා කරන්න (011) 267 4436. එයාලා උදව් කරනවා.

අනිත් එක ලංකාවෙ සමහරු හිතනවා සහ මතයක් තියෙනවා පිරිමියෙක් උනාම මේවා දරා ගන්න ඕන. කාටවත් මේවා කියන්න හොඳ නෑ කියලා. ඒක මහ මෝඩ කතාවක්. විසාදය කියන්නෙ ලෙඩක්. ඒකට ගෑනුද පිරිමිද කියලා අදාල නෑ. මේක ජෝක් එකක් නෙවෙයි. කාලයක් ශ්‍රී ලංකාව අවුරුදු 3-4ක් එක දිගටම පිරිමි සියදිවි හානිකර ගැනීම් වලින් අංක1 උනා.

තමන්ට උදව් ඕන කියලා හිතෙනවනම් උදව් ඉල්ලන්න. කව්රුත්ම නෑ කියලා හිතෙනවනම් සුමිත්‍රයෝ වගේ තැනකට කෝල් කරන්න. බෙහෙත් ගන්න ලැජ්ජ වෙන්න එපා.

අන්තිමට ආයෙ කියන්න තියෙන්නෙ අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. පාඩම් කරනකොට එන ප්‍රශ්න, රස්සාවෙදි එන ප්‍රශ්න, පෙම් සම්බන්දතා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න!!! එක එක ජාතියෙ ඒවා. හැබැයි ඔය එක ප්‍රශ්නෙකටවත් විසඳුම suïcide කර ගන්න එක නෙවෙයි. ප්‍රශ්නෙ විසඳන්නෙ නැතුව වෙන කාට හරි භාර කරන එක විතරයි ඒකෙන් වෙන්නෙ.

Depression is not a joke: it Kills.

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “මානසික විෂාදය”

  1. 1333 – (Toll free) CCCline
    1926 – NIMH Nationa Institute of Mental health
    +94755551926 – Whatspp of NIHM

    මේ ටිකත් දාන්න සර්…
    🤗

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s