තෝරෙකුයි මෝරෙකුයි
වලියක් ගිහින්
හාල් මැස්සෙක්
තැලිලා මැරිලා
තෝරයි මෝරයි
වැරැදි නැහැලු
හාල් මැස්සා
බීලාලු ඉඳලා
තියෙන්න….
මෝරාගේ ශෝක
පණිවිඩය
“මුහුද හඬයි
ඔබ නිහඬයි”
තෝරාගේ ශෝක
පණිවිඩය
“කඳුළු ගඟට
මුහුද යටයි”
මළ ගෙදර
පැත්තකට
කොණකට
වෙලා අඬන
අම්මා කියනවා
“අලි කෙළිනකොට
අපි තැලෙනවා
කියලා උඹ
ඇහුවනම්
අදත් උඹ
ජීවතුන්
අතර පුතේ”
රේස් එකක් දිව්වා බං
ඉස්කෝලෙන්
අවුට් වෙලා
රේස් එක
පටන් ගත්තා
දිව්වා එක දිගටම
අම්බානක දිව්වා
රෙකොර්ඩ්
කැඩෙනකම්
දිව්වා බං
ගොඩක් පදක්කම් දිනුවා
බිත්තිය පුරවලා
පදක්කම් ගැහුවා මචන්
එත්
දැන් නම් මහන්සියි බං
හති අරින්නත් බැරි වුනා
යන්තම් පොඩ්ඩක්
නැවතිලා පස්ස
හැරිලා බැලුවා
ඇස් දෙකේම කඳුළු
පිරිලා
ඔලුව බර වුනා බං
අත්තිවාරම
දාපු කණු දෙක
වැහැරිලා
මාව වැටෙන්න නොදී
තියන් හිටපු ඒ
කණු දෙක
දිරන්න අරන්
ඉස්කෝලේ එකට බත්
එක බෙදන් කාපු
දිමුවා මාව
දැකලා අහක බැලුවා බං
උගේ තාත්තා නැති වුන
දවසෙත්
මට රේස් එකක්
උගේ දුක අහන්න
ඌව බදාගෙන අඬන්න
මට බැරිවුණා බං
ජිමාගේ කොල්ලට
දැන් අවුරුදු තුනක්ලු
පොඩ්ඩා බලන්න
තාම ගියේ නෑ බං
අනේ මගේ
රෙද්දේ යාළුකම
රේස් එක ඉවර නෑ
සමාවෙයන් බං
කෝල් පිට කෝල්
දුන්නා සයිමා
අම්මා අසනීප
වෙලා
කවුරුත් නෑ බං
මගේ තනියට
ඉන්න වරෙන්
කියන්න
හිතේ තිබ්බ
දුක පිට කරන්න
එදත් බැරි වුනා
ලොකු රේස් එකක් බං
මට දැන් ඇති වගේ
පදක්කම් එක්ක
මම තනි වුනා බං
රේස් නවත්තලා
ආයේ එන්නම්
පුළුවන් නම්
යමු අපි
ඉඳිමු ඒ කාලේ
හිටපු විදියටම
වැරදිච්ච තැන්
හදාගන්න මට
උදව් වෙයන්…
තව එක දෙයක්
පුළුවන් නම් මට
සමාවෙයන්
The Journey Begins
Thanks for joining me!
Good company in a journey makes the way seem shorter. — Izaak Walton