හිමිත් නැති
ළඟත් නැති
ලැබෙන් නැති
පෙමක් ඇති
හඬන් ඇති
තැවෙන්ඇති
කඳුළු ඇති
පේන්නැති
වැටෙන්ඇති
රිදෙන්ඇති
හැරෙන්නැති
දුකක් ඇති
කලක් ගත වෙන්න ඇති
හිතේ ගුලි වෙන්න ඇති
මතක පොත වහන් ඇති
කොනක දුක් වෙනවා ඇති
හිමිත් නැති
ළඟත් නැති
ලැබෙන් නැති
පෙමක් ඇති
හඬන් ඇති
තැවෙන්ඇති
කඳුළු ඇති
පේන්නැති
වැටෙන්ඇති
රිදෙන්ඇති
හැරෙන්නැති
දුකක් ඇති
කලක් ගත වෙන්න ඇති
හිතේ ගුලි වෙන්න ඇති
මතක පොත වහන් ඇති
කොනක දුක් වෙනවා ඇති
මම ඉස්සර හිතුවෙ සියදිවි හානි කරගන්නෙ දුර්වල, කිසිම දෙයක් දරා ගන්න බැරි මිනිස්සු කියලා. මට ඇත්තටම ඉස්සර හරි තරහයි සියදිවි හානි කරගන්න මිනිස්සු දැක්කම. සමහර වෙලාවට මට හිතිලා තියෙනවා එහෙම පොඩි දෙයක්වත් දරා ගන්න බැරි නම් ඉඳලා වැඩකුත් නෑ නේ කියලා.
මම කොච්චර මෝඩ විදියටද හිතලා තියෙන්නෙ කියලා මට තේරුම් ගියේ මම depression (විසාදය) ගැන මම අහලා මගේ ළඟම යාලුවෝ මේකෙන් විඳවගන්න ගත්තම.
ඒක තමා අර කියන්නෙ. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි කියලා. ඒවගේ දේවල් තමන්ටම අත්විඳින්න උනාම තමා තේරෙන්නෙ මේකෙ බරපතලකම. ඒක නිසා මම සමාව ඉල්ලනවා මම එහෙම කරපු ගොං comment එකක් තියෙනවනම් සියදිවි හානිකර ගැනීම් ගැන.
අපි හැමෝම ඉන්නෙ මේ අරගලයක. ඒක පිටින් කාටවත් පෙනුනෙ නැති උනාට අපි විතරයි ඒක දන්නෙ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා.
සමහර ප්‍රශ්න තියෙනව විසඳගන්න අමාරුම තැනකට ආවොත් එක්කෙනකුට හිතෙන්න පුළුවන් මේකට තියෙන එකම විසඳුම සියදිවි හානිකර ගැනීම කියලා. Suïcide කලා කියලා ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඒකෙන් වෙන්නෙ වේදනාව තව එක්කෙන්කුට හරි පව්ලෙ අයට හරි ඉතුරු වෙන එක විතරයි.
Depression කියන්නෙ විහිලුවක් නෙවෙයි. උදව් අවශ්‍ය නම් ළඟම හිතවත් කෙනෙක්ට කියන්න. ළඟම කියන්න කෙනෙක් හරි විශ්වාස කරන්න හරි කෙනෙක් නැත්නම් “ශ්‍රී ලංකා සුමිත්‍රයෝ” එකට කතා කරන්න (011) 267 4436. එයාලා උදව් කරනවා.
අනිත් එක ලංකාවෙ සමහරු හිතනවා සහ මතයක් තියෙනවා පිරිමියෙක් උනාම මේවා දරා ගන්න ඕන. කාටවත් මේවා කියන්න හොඳ නෑ කියලා. ඒක මහ මෝඩ කතාවක්. විසාදය කියන්නෙ ලෙඩක්. ඒකට ගෑනුද පිරිමිද කියලා අදාල නෑ. මේක ජෝක් එකක් නෙවෙයි. කාලයක් ශ්‍රී ලංකාව අවුරුදු 3-4ක් එක දිගටම පිරිමි සියදිවි හානිකර ගැනීම් වලින් අංක1 උනා.
තමන්ට උදව් ඕන කියලා හිතෙනවනම් උදව් ඉල්ලන්න. කව්රුත්ම නෑ කියලා හිතෙනවනම් සුමිත්‍රයෝ වගේ තැනකට කෝල් කරන්න. බෙහෙත් ගන්න ලැජ්ජ වෙන්න එපා.
අන්තිමට ආයෙ කියන්න තියෙන්නෙ අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. පාඩම් කරනකොට එන ප්‍රශ්න, රස්සාවෙදි එන ප්‍රශ්න, පෙම් සම්බන්දතා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න!!! එක එක ජාතියෙ ඒවා. හැබැයි ඔය එක ප්‍රශ්නෙකටවත් විසඳුම suïcide කර ගන්න එක නෙවෙයි. ප්‍රශ්නෙ විසඳන්නෙ නැතුව වෙන කාට හරි භාර කරන එක විතරයි ඒකෙන් වෙන්නෙ.
Depression is not a joke: it Kills.
මට පොඩිකාලෙ ඉඳන් කවදාවත් ජීවිතේටම ලෙක්චරර් කෙනෙක් වෙන්න කිසිම හීනයක් තිබුනෙ නෑ. ඉස්සර පන්තියෙ අන්තිම පේළියට වෙලා උගන්වන සර්ට මොකක් හරි ජෝක් එකක් කරන් හිටිය මට නිකන් දිට්ටදම්මවේදනීය කර්මයක් පඩිසන් දුන්න වගෙ කියලත් වෙලාවකට හිතෙනවා.
මට පොඩිකාලෙ ඉඳලා stage fright එකක් තිබුනා. කට්ටියක් ඉස්සරහට ගිහින් කතා කරන එක මට ජීවිතේටම කරන්න බැරුව තිබුන එකක්. හැබැයි එහෙම ගිහින් කතා කරන එවුන්ට ඇද කරන එක නම් සුපිරියටම කලා.
කැම්පස් එකේදි පවා group presentation එකක් තියෙනකොට මම තමා slides ටික හදන්නයි slides ටික මාරු කරන්නයි භාර ගන්නෙ, මොකද ඒ කරන කෙනා present කරන්න ඕන නෑ. කැම්පස් එකේ අපේ සෙට් එක ඒක හොඳට දන්නවා. මම එච්චරට බයයි කට්ටියක් ඉස්සරහ කතා කරන්න.
ඉතිං මම කැම්පස් එකේ ඉද්දි හැදුනෙත් නෑ. ඉන්ටර්න්ශිප් යනකාලෙ මට අලුත් තැනක ඉන්ටර්විව් එකක් ආවා. එතන ඉන්ටර්විව් එක මම හොඳට මූණ දුන්නා, එයාලා දුන්න පේපර් එකත් හොඳටම කලා. ඊට පස්සෙ එයාලා මට ටොපික් එකක් දුන්නා ප්‍රසන්ටේශන් එකක් කරන්න. මම ඒක හත්පොලේම ගාගත්තා. ජීවිතේට වෙච්ච හොඳම ලැජ්ජවීමක් ඒක මට. මම එදා ගෙදර ආවම හිතාගත්තා මේ තියෙන බය මම කොහොමහරි ඉවර කරගන්න ඕන කියලා.
කොහෙන්කොහොම හරි ඒක හදාගෙන්නෙ නැතුව අවුරුදු දෙකතුනක් ගියා. ඔහොම ගිහින් 2012 දි අපේ ලොකු තාත්තගෙ ලොකු පුතා කතා කරල කිව්වා Wisdom එකෙන් බ්‍රාන්ච් එකක් මාතර පටන් ගන්න යන්නෙ. එයාගෙ යාලුවෙක් තමා ඉන්නෙ. ලෙක්චරර්ස්ලා හොයනවා මාව අඳුන්වල දෙන්නද කියලා.
මගේ එකපාරට ඔලුවට ගියේ, දැන් බයවෙලා හිටියා ඇති මම මේකෙන් එලියට එන්න ඕන කියලා. ඉතිං ගත්තු කටටම මම හා කිව්වා.
විස්ඩම් එකේ දැන් පළවෙනි audition එකට දවසක් හම්බ උනා. මම ඉතිං හොඳටම ලෑස්ති උනා. හොඳට ලෑස්ති වෙලා ස්ටේජ් එකට ගියාට මම හොඳටම බය වෙලා ඒක චොර කරගත්තා. මම හිතුවා ඒක ඉවරයි කියලා. ආයෙ මම වැඩේ අල කර ගත්තා කියලා.
ඒත් එදා audition පැනල් එකේ මට උගන්වපු සර් කෙනෙක් හිටියා. ශනිල් ජයසේකර සර්. සර් කොහොමහරි මට තව චාන්ස් එකක් දුන්නා විතරක් නෙවෙයි. ඊළඟ audition එකට ලෑස්ති වෙන්න මාව හොඳට train කලා ස්කයිප් එකෙන්. සර් තමා ඒ දවස්වල මගේ පිටිප්ස්සෙ ඉඳන් මාව මේකට යොමු කලේ. ඒ දීපු උදව්වට ඉතිං ස්තුති කරන්න වචන නෑ.
දෙවෙනි auditon එක මම හොඳටම කලා. මට ඒ වෙද්දි ටික ටික මගේ ආත්මශක්තිය හැදීගෙන ආවා මට මේක කරන්න පුළුවන් කියලා. ආත්මශක්තිය හැදෙනකොට මට තේරුනා දැන් මේක මගේ ඇඟේ තියෙනව කියලා. ඇඟේ මේක තියෙනවා කියලා තේරුම් වෙද්දි මට තේරුනා මේක තමා මගේ passion එක කියලා. එහෙමෙ වෙද්දි තමා මම තීරණය කලේ ෆුල්ටයිම් මේක කරන්න ඕන කියලා.
මම මගේ බය ඇතුලෙ ජීවත් වෙන්න හිතුව නම් මම කවදාවත් මේ ෆීල්ඩ් එකට එන්නෙ නැතුව ඉන්න තිබුනා. ජීවිතේ එක තැනක් එනවා අපි අපේ comfort zone එකෙන් එලියට යන්න ඕන කියලා හිතෙන.
එහෙම හිතෙන තැනදි දෙතුන් පාර හිත හිත ඉන්න එපා, ඒ බය නැති කරන්න පළවෙනි ස්ටෙප් එක ගන්න. ඒ ස්ටෙප් එක ගන්න ලේසි නෑ. ඒ වුනාට ඒක කරන්න.
ඔය පළවෙනි පියවර ගන්න අපි බය වෙන්නෙ ගොඩක් වෙලාවට අපි ෆේල් වේවි, ෆේල් උනොත් මිනිස්සු හිනා වේවි කියන බයට. අපි මොනව කළත් මිනිස්සු හිනා වෙනවා. ඒක නවත්තන්න බෑ. කවදහරි ජීවිතේ මට ඒක කරන්න බැරි උනා කියලා පසු තැවිලි වෙනවට වඩා මට ඒක කරන්න බැරි උනත් මම උත්සාහ කලා කියන එක වටිනවා කියලයි මට හිතන්නෙ.
ඉස්සෙල්ලම හිතන්න මොකක්ද හිතේ තියෙන බය කියලා. ඊට පස්සෙ ඒක නැති කරන්න ගන්න පුළුවන් පොඩිම පියවර ගන්න. එතකොට එන ආත්මශක්තියෙන් ඒ බය නැති කර ගන්න පුළුවන්
You never know your potential, until you unleash your inner beast
-සුරන්-
සති දෙක තුනකට කලින් මම හයිවේ එකේ ගෙදර එන ගමන් ටිකක් මහන්සි දැනුන නිසා තේ එකක් බොන්න වැලිපැන්නේ සර්විස් ඒරියා නැවැත්තුව. මම ගොඩක් වෙලාවට හයිවේ එකේ යන්නේ සරම ගහලා,ආම් කට් ස්කිනී එකක් ඇඳලා.මම ඒකට කැමති ඒක මට පහසු නිසා. ඉතින් ආම් කට් එක ගැහුවම මගේ අත්දෙකේ තියන ටැටූස් දෙකයි පපුවේ තියෙන ටැටූ එකයි පේනවා.
මම ඉතින් මගේ පාඩුවේ තේ එක බොන කොට දැක්කා ටිකක් ඈතින් තරුණ පිරිමි ළමයෙක් තව මැදි වයසේ ජෝඩුවක් එක්ක මගේ පැත්තට එනවා.
ටික වෙලාවකින් ඒ ළමයා මගේ ගාවට ඇවිත්. ඒ ලමයව අඳුන්වල දුන්නා. 2021 මගේ පන්තියට ආපු ළමයෙක්. දැන් ඉතිං ඔන්ලයින් නිසා මූණු මතක නෑ. ඒ ළමයා එහෙම කතා කර ඉඳලා එයාගේ තාත්තාට මාව අඳුන්වලා දුන්නා
“Thaththa this is my econ lecturer” කියල කිව්වම ඒ තාත්තා මගේ යට ඉඳලා උඩටයි උඩ ඉඳලා යටටයි දෙතුන් පාරක් බැලුවා! මොන රස්තියාදුකාරයෙක් වගේද කියන ලුක් එකක් දුන්නේ. මාත් එක්ක කතා කරන්න ගත්තම නම් ඒක වෙනස් වෙන්න ඇති කියල මට හිතුනා (හැබැයි ඉතින් ඒක වෙනස් උනත් නැතත් මට අදාළ නෑ, මට ඒක වෙනස් කරන්න ඕනත් නෑ, අපේ අම්මා උනත් මම ඔහොම ගෙදරින් එලියට බහිනකොට කියනවා ඔහොම යන්න එපා වැදගත් විදියට යන්න කියලා. ඉතින් අම්මත් එහෙම කියනවනම් තව මොන කතාද)
මට මේකෙන් කියන්න ඕන උනේ අපේ සමහර මිනිස්සු හිතන විදිය ගැන.
කරන රස්සාවේ ගෞරවය ආරක්ෂා කරන් තමන්ගේ රස්සාව හරියට කරන එකයි වෙන්න ඕන
එහෙම නැතුව එයා අඳින්නේ මොනාද, පච්ච ගහලද, රැවුල වවලද, බැඳලද, දික්කාසද වෙලාද, සමලිංගිකද, පාවිච්චි කරන වාහනේ මොකක්ද ඒවා බලන්න ඕන නෑ වැඩේ හරියට කරනවා නම් එච්චරයි!
ලංකාවේ දේශපාලනයෙන් උදාහරණ ගන්නම්. නම් කියන්න ඕන නෑ, රැවුල වැවෙන්නේ නැත්නම් ජනාධිපතිට සුදුසු නෑ වැඩක් නෑ, කොච්චර හොඳ නායකයෙක් උනත් සමලිංගික නම් වැඩක් නෑ!! ඔන්න ඔය විදියට තමා හිතන්නේ! ප්‍රතිපත්ති, අත්දැකීම්, චරිතේ නෙවෙයි බලන්නේ බාහිර පෙනුම.
බාහිර පෙනුම වැදගත් නෑ කියලා මම කියන්නේ නෑ,.මේක හැමෝටම අමාරු කාලයක්. ඇඳුම් පැළඳුම් හරි ගණන්. පහසු ඇඳුමක් කියන්නේ නයිටියක් අඳින්න නෙවෙයි නේ! සුදුසු ඇඳුමක්! පහසු ඇඳුම කියන එක තේරුම් ගන්න ගුරුවරුන්ට මොළයක් තියෙනවා!
ගුරුවුරතිය කියන්නේ ලෝකේ තියෙන උතුම්ම රස්සාවක්! ජඩ මාධ්‍ය වලින් කරන අනවශ්‍ය ප්‍රචාරණ නිසා මේ ගුරුවුර්තියේ තියන ගෞරවය නැති වෙනවා.ඒකෙන් වැරදි සිග්නල් එකක් ළමයින්ගේ ඔලුවටත් යනවා ගුරුවරු ගැන
Teachers are like candles, they consume themselves to light the way for others
අපිට පුළුවන් නම් තේරුම් ගන්න වැදගත් වෙන්නේ රස්සාව හරියට කරන එක මිසක් බාහිර පෙනුමවත්, අනිත් දේකුත් නෙවෙයි කියන දවසට අපේ රට තවත් අඩියක් ඉස්සරහට යාවි!
ඉස්සර කැම්පස් එකේ දෙවෙනි අවුරුද්ද වෙනකම්ම මගේ කොණ්ඩෙ තිබුනා. කොණ්ඩෙ යන්න පටන් ගත්තෙ දෙවෙනි අවුරුද්ද අන්තිමේදී.
කොණ්ඩෙ යන්න පටන් ගත්ත එක මට මාරම මානසික වදයක් උනා. මම අම්බානකම වැටුනා මානසිකව. හැමදාම හවස ඕක ගැන කල්පනා කරන්න ගත්තා. වැඩියෙන්ම අවුල් ගියේ යාලුවො එක එක නම් කියන්න ගත්තම.
අඩෝ තට්ටයෙක් වෙන්න යන්නෙ, වටේ කෙස් මැද හිස්, ඔය වගේ ඒවා කියද්දි ඒ දවස්වල පට්ටම අවුල්. මම තනියම අඬලත් තියෙනව මේ කේස් එක නිසාම.
දෙවෙනි අවුරුද්ද ඉවර වෙලා ඉන්ටර්න්ශිප් පටන් ගත්ත නිසා මගේ අතට සල්ලි ටිකක් ලැබුනා. එතකොට මගේ පඩිය රුපියල් දහනවදාහයි. ඒකෙන් රුපියල් දහදාහක්ම ගියේ කොණ්ඩෙ බෙහෙත් වලට. මම එච්චරම ප්‍රෙෂර් එකේ හිටියේ.
බෙහෙත් පාවිච්චි කරනකම් කොණ්ඩෙ යන එක නැවතුනා. බෙහෙත් නවත්තපු ගමන් ආයෙම යන්න පටන් ගත්තා. මට ටික ටික එතකොට තේරුම් ගියා මේක හරියන සෙල්ලමක් නෙවෙයි කියලා. හම්බකරන පඩියෙන් කිසි ඉතුරුවක් නෑ.
ආයෙම ඉතිං ඩිප්‍රෙස්ඩ්. මට තිබුන ලොකුම ප්‍රශ්නෙ උනේ අනිත් අය මට හිනා වෙන එක. එක එක නම් කියන එක. ටික දවසක් යද්දි මට තේරුම් ගියා උන් හිනා වෙන එක, උන් නම් හදන එක මට වෙනස් කරන්න බෑ කියලා.
ඔහොම හිතලා එක දවසක් මම ෆුල් තට්ටෙ ගෑවා. එදා යාලුවො අම්බානක නෝන්ඩි කලා, තට්ටයා කියලා විහිලු කලා, නාකියා වගේ කිව්වා. හැබැයි මම එදා උදේ හිතාගෙන ගියේ උන් කියන ඒවා මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරනවා කියලා. එහෙම හිතාගෙන ගියාට බොරු කියන්න ඕන නෑ ටිකක් විතර වැටුනා..ඒත් මම ආයෙ කොණ්ඩෙ වවන්න හිතුවෙ නෑ. දිගටම තට්ටෙ ගෑවා. උන් කොච්චර එක එක ජාති කිව්වත් මට කිසිම ගාණක් නැති උනා.
එතකොට තමා මට තේරුම් ගියේ මේ ඔක්කොම උනේ මම මාවම මගේ ජීවිතේට පිළිගත්ත නිසා කියලා. ඒක මම ජීවිතේ ඉගෙන ගත්ත හොඳම පාඩමක්. මම එහෙම නොකර හිටියනම් සමහරවිට මට මානසික ලෙඩක් හැදෙන්න ඉඩ තිබුනා කොන්ඩෙ ප්‍රශ්න නිසා.
අපි ජීවිතේ මොනව කළත් මිනිස්සු මොනවමහරි කියනවා. ඒක නවත්තන්න අපිට බෑ. ඒ මොනව උනත් අන්තිමට තමන්‍ට තමන් විතරයි ඉතුරු වෙන්නෙ. ඒක නිසා කොහොමහරි තමන් තමන්වම පිළිගන්න බලන්න. ඒක පට්ටම පාඩමක්
ප.ලි:
දැන් මට ඕන නම් කොණ්ඩෙ හිටවන්න වත්කමක් තියෙනවා. ඒත් මම ඒක කරන්නෙ නෑ. මම මාවම මේ විදියට පිලිගෙන ඉවරයි දැන්. මට දැන් තට්ටයා කිව්වට කිසි ගාණක් නෑ මම ඒ පාඩම ඉගෙනගත්ත නිසා. ඒත් තව කාටහරි කොණ්ඩෙ යන එකට හිනා වෙලා විහිලු කරන්න යන්න එපා. ඒක වෙන කෙනා විතරයි ඒකෙ වේදනාව දන්නෙ
එක්දාස් පන්සීයෙ
පූජා වට්ටිය
අරන් තප්පර තුනෙන්
මට ආයෙම
දීපු කපුවට පුලුවන්ද
කප්පරක් දිග
මගේ කන්නලව්ව
දෙවියොන්ට කියන්න????
වැරදිලා හරි ඇහුනොත්
දෙවියොන්ට පුලුවන්ද
තුන්දාහෙ පූජාවට්ටිය
පුදපු එකාට කලින්
මගේ බලාපොරොත්තු
ඉටු කරන්න?????
සුදු ඇඳන් ආපු
උන් අස්සෙ
මම ඇන්දෙ කලු හන්දා
ගෞරවයනෑ කියලා
මම කියපු දේ
ඇහෙන්නෙම
නැති වෙයිද?????
ජීවිතෙ කෙලවෙච්ච
කෙලවිල්ල කරගත්තෙ
මම කියලා
ඉතුරුටිකත්
කෙලවෙන්නම
ඉඩදීලා දෙවියො
වෙනද වගේම
නිකම්ම බලන් ඉඳීවිද???
එකට
ගමනක් යන්න හිතන්න ඇති
එකතැනකදි
ජීවිතය අත හැරෙන්න ඇති
එතනදි
හිත් කඩන් වැටෙන්න ඇති
එහෙම
ගලපු කඳුලු හයිය දෙන්න ඇති
එනිසා
තාම ජීවිතේ ගලනවා ඇති
ලංකාවේ හැලොවීන්
මහසෝනා : මොකටද අයිසේ මේ එක පාර මීටිමක් කෝල් කලේ??? ලාවට චිල් එකක් දාලා නිදා ගන්න හැදුවා විතරයි. මොනා හරි හදිසි කෙස් එකක්ද?? ලංකාවේ උන්ගේ ඇඩ්මිෂන් වල කේස්ද ආයෙමත්? වේටිනග් ලිස්ට් එකේ ඉන්න අර දුලංග, තරිඳු, සඳුනි, චානක, හසිනි, තෙජානු, තිසල්, දැන්ම මෙහෙ ගෙන්න ගන්න එපා! උන් ජීවත් වෙලා ඉන්නකම් රට කෑවා, දැන් මෙහෙ ඇවිත් මේක කන්න බලාවි
කළු කුමාරයා : නෑ නෑ දොරේ, හදිසි කේස් එකක් නෙවෙයි. පොඩි ඉල්ලීමක් තියෙන්නේ. මේකයි දොරේ කොරෝනා කේස් නිසා අවුරුදු දෙක තුනකින් අපේ ට්‍රිප යන්නත් බැරි උනා නේ, ට්‍රිප යන්න හදපු වට්සැප් ගෘප් එකේ දැන් වැල ශෙයා වෙන්නේ. අපි බැලුවේ පොඩි චිල් එකක් දාන්න පොඩි හැලෝවීන් පාටි එකක් දාන්න
මහසෝනා : මොන පාටියක්?
රීරියකා : හැලෝවීන් දොරේ…හැලෝවීන්……අර මළවුන්ගේ පාටිය කියන්නේ, අන්න එහෙම එකක්
මහසෝනා : ඉද්දකීන්, තොපිලා දැන් මාව නැගිට්ටෙව්වේ ඒකටද? යකෝ එහෙම පොෂ් පාටි එකක් දාන්න කලින් ඔක්කොටෝම ඉස්සෙල්ල තොපිලගේ නම් වෙනස් කර ගනින්. බලපන් උබලගේ නම් වල කැත. රීරි යකා, කළු කුමාර, ගොපළු යකා, මෝහිණී, බෝදිලිමා, මහ කොළ සන්නි යකා, උලමා, අභිමාන යකා. මොන රෙද්දේ නම්ද බං.. ඊයා
කළු කුමාර : ඈ දොරේ, දොරේ හිතන් ඉන්නේ ඔය මහසෝනා කියන නම පොෂ් කියලද?
මහසෝනා : යකෝ…තේරුම් ගනින් මම බොස්!!
කළුකුමාර හෙමීට තමන්ට විතරක් ඇහෙන්න
“අම්මපා ගෝටයිම්බර ගහන්න තිබුනේ තොගේ බෙල්ලට නෙවෙයි, ඇටේට”
මෝහිණී – “අනේ ස’ අපි මේ පාටි එක දාමුකෝ. ඇඟට කිසි කික් එකක් නෑ…. දැන් එන කොල්ලොන්ට ළමයා වඩාගන්න පොඩ්ඩක් රෙද්ද හදා ගන්න ඕන කිව්වම මුන් කියනවා ළමයව පොඩ්ඩක් උස්සන්න උන් රෙද්ද හදන්නම් කියලා!! එකෙක් ගන්නේ නෑ ස’ මේ වොත්තිගේ කොල්ලව අතට
රීරි යකා : ඔව් දොරේ මමත් නස්පුක් වෙලා ඉන්නේ..ලංකාවේ උන්ගේ ඇඟේ ලේ කළඳක් නෑ කියහන්කෝ බොන්න….සොච්චම් පඩියටත් රෙවෙන්නම බදු ගහලා මුන්ගේ රීරි මාන්සේම බීලා ආණ්ඩුව. මුන් නිකන් දැන් පාන්ඩුව හැදිච්ච හැලපයෝ වගේ ඉන්නේ
ගොපළු යකා : දොරේට කියන්න මේ සිඟිති ඇච්චො බැච්චෝ මොකක්ද හරුප ෆිල්ම් එකක් බලල හැමතිස්සෙම බලන්න මගේ අප්පච්චි දීපු කෙවිට හොරකම් කරන්න…හයියෝ දවසක් මම මුත්‍රා කරන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ. මුන්ගේ කරදරෙන් බේරෙන්න බැරි නිසා මම කෙවිට ගෙදර තියලා ඇල්බීසියා කෝට්ටක් ගෙනි යන්නේ
කළු කුමාර : ස’ ට කියන්න, මට රිංගන්න තනි වෙච්ච හිතක් නෑ කියාන්කෝ!!! හැම පොඩි කෙල්ලගේම හිතේ හැට හුටාමාරක් කොල්ලෝ, හැට පැනපු වයසක උන් විතරයි මට ඉතුරු වෙලා ඉන්නේ, උන් මෙලෝ රහක් නෑ සර්. අනික සර් දැන් ඉන්න එවුන්ට ලෙඩක්ද මන්දා මුන් නිදා ගන්නේ නෑ!! මම දවසක් පැය 8ක් අල්මාරියේ හැංගිලා හිටියා! මුන් නිදා ගන්නෙම නෑ සර්!
උලමා: ලැජ්ජයි සර් කියන්නත්. මම මේ ලඟදි දවසකදී බැඳපු මිනිස්සු බය කරන්න ෆුල් ගේමක් දෙන්න හැදුවා. උන් එකෙක්වත් මට බය වෙන්නේ නෑ. උන් කියනවා බැඳපු ගෑණි එක්ක බලද්දී මම දාහෙන් සම්පතක් කියලා. මුන් මගෙන් ෆොටෝස් ඉල්ලා ඉල්ලා මැසේජ් කරනවා.
මහසෝනා : මටත් උබලගේ දුක නොතේරෙනවා නෙවෙයි බන්! ලඟදි ෆිල්ම් එකක් බැලුවා ඒකෙ මහසෝනට අරන් හිටියේ වඳුරෙක් බං! මම රිටිගල ජයසේන යකෝ! අම්මලා දැක්කනම් මාව පවුලෙනුත් එලවනවා. උබලට තේරෙන්නේ නෑ මට තියෙන ප්‍රශ්න….අනේ බං දැන් ඔහොම පාටි දාන්න දැන් බජට් නෑ.. ලංකාවේ ඉඳන් එන එවුන් ගිනි තියන්න මේ ලෝදියත් මදි. මම හැමදාම ලෝදිය ඕඩර් කරනවා. ඩොලර් නැතුව LC අරින්න බෑ.. අනික මට හොඳටම ෂුවර් දැන් බදු වැඩි කරාම ලංකාවේ ඉන්න අන්ගුත්තරයෝ වංගු ගහනවා බදු වලට. ඊටපස්සේ උන් ආයේ එන්නේ අපේ අපායට. දැන් ඉන්න අන්කුට්ටෝයි මුන් ටිකයි සෙට් වෙනවා කියන්නේ බඩුම තමා.
හෙණ මැෂිම කැඩිලා එහෙන්. එකක් චීනෙන් ඕඩර් කළා, කලින් එකේ හෙණ දෙකයි ගැහුවේ බඩු කැඩුනා. මුන් හෙන ඉල්ලන විදියට කොහොමද බං හෙන දෙන්නේ! මුන් හෙන ඉල්ලන්නෙම දියවන්නාවට…කොහොමද බන් දියවන්නාවේ උන්ට හෙණ දෙන්නේ. දියවන්නාවේ ඉන්නෙත් අපේම එකාලා යකෝ! අපේම සහෝදරයෝ!
මම පොඩි රික්වෙස්ට් එකක් දැම්මා බං. දිව්‍ය ලෝකේ බජට් අඩු කරලා මෙහෙ වැඩි කරන්න කියලා. බලපන් එතන දෙවියොම තිස් තුන් කෝටියක්. ඔය තිස්තුන් කෝටියෙන් එකාගෙන් රුපියලක් අඩු කළත් අපිට කෝටි තිස්තුනක් ලැබෙනවා.. උන්ට වැඩත් නෑ. අපි මෙතන හතයි අටයි ඉන්නේ, රෙවෙන්න වැඩ! බලමු පොඩි මැච් එකක් ගහන්න. මේ දුක තුනී වෙන්නත් එක්ක අපි ලාවට සෙට් වෙමු අද
කළුකුමාර : ඉම්පොර්ටඩ් විස්කිද සර්? ගහමු ගහමු
මහසෝනා : පිස්සුද බන්…ඕවට දැන් බජට් නෑ. ගල් ගන්නත් අමාරුයි. දන්කොටුව ස්පෙෂල් තියෙනවා. බඩු සුපිරි. තව ටිකකින් සෙට් වෙමු. ආ මේ මෝහිණී පොඩ්ඩක් මගේ ඔෆිස් එකට එන්න, අර ලංකාවේ උන් රෙද්ද හදන විදිය මට පොඩ්ඩක් කියලා දෙන්න
-නිමි-
ජීවිතේ
ගත්තු තීරණ ගැන
කිසිම පසුතැවිල්ලක්
නැති උනාට
සමහර තැන්වලදී
මට මාවම නැති
උන එක
තමා ඉවසන්නම බැරි ❤
මාස 10ක් කුසේ තියාගෙන පෙරුම් පුරලා හීන මවාගෙන බලාපොරොත්තු බිඳිලා ගියාම
තරු අස්සේ බැබලෙන්න
හිස් අහස සරසන්න
අඳුරු රැය සනසන්න
එයි කියලා හිතුව උබ
සීතලට ගුලි වෙන්න
උණුහුමට දැවටෙන්න
වලාකුළු සළු රැගෙන
පිළිගන්න හිටියේ නුබ
අලුත් අරුතක් දෙන්න
සතුට අරගෙන එන්න
හීන අපෙ එලිවෙන්න
අපිට උන් එකම සඳ
හුස්මකුත් නැතුව අද
උන්නු හැටි දැකල උබ
නැවතුනා හදගැස්ම
කිව්වා මම දෙවියොන්ට
මගේ හුස්ම උබ රැගෙන
යන්න මට ඉඩ දෙන්න
කොහොමටත් උබ නැතිව
පායන්න හඳ නැතුව
අමාවකයි අපේ ලොව