දෙවියොන්ට ප්‍රශ්න

එක්දාස් පන්සීයෙ

පූජා වට්ටිය

අරන් තප්පර තුනෙන්

මට ආයෙම

දීපු කපුවට පුලුවන්ද

කප්පරක් දිග

මගේ කන්නලව්ව

දෙවියොන්ට කියන්න????

වැරදිලා හරි ඇහුනොත්

දෙවියොන්ට පුලුවන්ද

තුන්දාහෙ පූජාවට්ටිය

පුදපු එකාට කලින්

මගේ බලාපොරොත්තු

ඉටු කරන්න?????

සුදු ඇඳන් ආපු

උන් අස්සෙ

මම ඇන්දෙ කලු හන්දා

ගෞරවයනෑ කියලා

මම කියපු දේ

ඇහෙන්නෙම

නැති වෙයිද?????

ජීවිතෙ කෙලවෙච්ච

කෙලවිල්ල කරගත්තෙ

මම කියලා

ඉතුරුටිකත්

කෙලවෙන්නම

ඉඩදීලා දෙවියො

වෙනද වගේම

නිකම්ම බලන් ඉඳීවිද???

සිරගත කල නොකල සිතුවිලි 2-එ කතාව

එකට

ගමනක් යන්න හිතන්න ඇති

එකතැනකදි

ජීවිතය අත හැරෙන්න ඇති

එතනදි

හිත් කඩන් වැටෙන්න ඇති

එහෙම

ගලපු කඳුලු හයිය දෙන්න ඇති

එනිසා

තාම ජීවිතේ ගලනවා ඇති

ලංකාවෙ හැලොවීන්

ලංකාවේ හැලොවීන්

මහසෝනා : මොකටද අයිසේ මේ එක පාර මීටිමක් කෝල් කලේ??? ලාවට චිල් එකක් දාලා නිදා ගන්න හැදුවා විතරයි. මොනා හරි හදිසි කෙස් එකක්ද?? ලංකාවේ උන්ගේ ඇඩ්මිෂන් වල කේස්ද ආයෙමත්? වේටිනග් ලිස්ට් එකේ ඉන්න අර දුලංග, තරිඳු, සඳුනි, චානක, හසිනි, තෙජානු, තිසල්, දැන්ම මෙහෙ ගෙන්න ගන්න එපා! උන් ජීවත් වෙලා ඉන්නකම් රට කෑවා, දැන් මෙහෙ ඇවිත් මේක කන්න බලාවි

කළු කුමාරයා : නෑ නෑ දොරේ, හදිසි කේස් එකක් නෙවෙයි. පොඩි ඉල්ලීමක් තියෙන්නේ. මේකයි දොරේ කොරෝනා කේස් නිසා අවුරුදු දෙක තුනකින් අපේ ට්‍රිප යන්නත් බැරි උනා නේ, ට්‍රිප යන්න හදපු වට්සැප් ගෘප් එකේ දැන් වැල ශෙයා වෙන්නේ. අපි බැලුවේ පොඩි චිල් එකක් දාන්න පොඩි හැලෝවීන් පාටි එකක් දාන්න

මහසෝනා : මොන පාටියක්?

රීරියකා : හැලෝවීන් දොරේ…හැලෝවීන්……අර මළවුන්ගේ පාටිය කියන්නේ, අන්න එහෙම එකක්

මහසෝනා : ඉද්දකීන්, තොපිලා දැන් මාව නැගිට්ටෙව්වේ ඒකටද? යකෝ එහෙම පොෂ් පාටි එකක් දාන්න කලින් ඔක්කොටෝම ඉස්සෙල්ල තොපිලගේ නම් වෙනස් කර ගනින්. බලපන් උබලගේ නම් වල කැත. රීරි යකා, කළු කුමාර, ගොපළු යකා, මෝහිණී, බෝදිලිමා, මහ කොළ සන්නි යකා, උලමා, අභිමාන යකා. මොන රෙද්දේ නම්ද බං.. ඊයා

කළු කුමාර : ඈ දොරේ, දොරේ හිතන් ඉන්නේ ඔය මහසෝනා කියන නම පොෂ් කියලද?

මහසෝනා : යකෝ…තේරුම් ගනින් මම බොස්!!

කළුකුමාර හෙමීට තමන්ට විතරක් ඇහෙන්න

“අම්මපා ගෝටයිම්බර ගහන්න තිබුනේ තොගේ බෙල්ලට නෙවෙයි, ඇටේට”

මෝහිණී – “අනේ ස’ අපි මේ පාටි එක දාමුකෝ. ඇඟට කිසි කික් එකක් නෑ…. දැන් එන කොල්ලොන්ට ළමයා වඩාගන්න පොඩ්ඩක් රෙද්ද හදා ගන්න ඕන කිව්වම මුන් කියනවා ළමයව පොඩ්ඩක් උස්සන්න උන් රෙද්ද හදන්නම් කියලා!! එකෙක් ගන්නේ නෑ ස’ මේ වොත්තිගේ කොල්ලව අතට

රීරි යකා : ඔව් දොරේ මමත් නස්පුක් වෙලා ඉන්නේ..ලංකාවේ උන්ගේ ඇඟේ ලේ කළඳක් නෑ කියහන්කෝ බොන්න….සොච්චම් පඩියටත් රෙවෙන්නම බදු ගහලා මුන්ගේ රීරි මාන්සේම බීලා ආණ්ඩුව. මුන් නිකන් දැන් පාන්ඩුව හැදිච්ච හැලපයෝ වගේ ඉන්නේ

ගොපළු යකා : දොරේට කියන්න මේ සිඟිති ඇච්චො බැච්චෝ මොකක්ද හරුප ෆිල්ම් එකක් බලල හැමතිස්සෙම බලන්න මගේ අප්පච්චි දීපු කෙවිට හොරකම් කරන්න…හයියෝ දවසක් මම මුත්‍රා කරන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ. මුන්ගේ කරදරෙන් බේරෙන්න බැරි නිසා මම කෙවිට ගෙදර තියලා ඇල්බීසියා කෝට්ටක් ගෙනි යන්නේ

කළු කුමාර : ස’ ට කියන්න, මට රිංගන්න තනි වෙච්ච හිතක් නෑ කියාන්කෝ!!! හැම පොඩි කෙල්ලගේම හිතේ හැට හුටාමාරක් කොල්ලෝ, හැට පැනපු වයසක උන් විතරයි මට ඉතුරු වෙලා ඉන්නේ, උන් මෙලෝ රහක් නෑ සර්. අනික සර් දැන් ඉන්න එවුන්ට ලෙඩක්ද මන්දා මුන් නිදා ගන්නේ නෑ!! මම දවසක් පැය 8ක් අල්මාරියේ හැංගිලා හිටියා! මුන් නිදා ගන්නෙම නෑ සර්!

උලමා: ලැජ්ජයි සර් කියන්නත්. මම මේ ලඟදි දවසකදී බැඳපු මිනිස්සු බය කරන්න ෆුල් ගේමක් දෙන්න හැදුවා. උන් එකෙක්වත් මට බය වෙන්නේ නෑ. උන් කියනවා බැඳපු ගෑණි එක්ක බලද්දී මම දාහෙන් සම්පතක් කියලා. මුන් මගෙන් ෆොටෝස් ඉල්ලා ඉල්ලා මැසේජ් කරනවා.

මහසෝනා : මටත් උබලගේ දුක නොතේරෙනවා නෙවෙයි බන්! ලඟදි ෆිල්ම් එකක් බැලුවා ඒකෙ මහසෝනට අරන් හිටියේ වඳුරෙක් බං! මම රිටිගල ජයසේන යකෝ! අම්මලා දැක්කනම් මාව පවුලෙනුත් එලවනවා. උබලට තේරෙන්නේ නෑ මට තියෙන ප්‍රශ්න….අනේ බං දැන් ඔහොම පාටි දාන්න දැන් බජට් නෑ.. ලංකාවේ ඉඳන් එන එවුන් ගිනි තියන්න මේ ලෝදියත් මදි. මම හැමදාම ලෝදිය ඕඩර් කරනවා. ඩොලර් නැතුව LC අරින්න බෑ.. අනික මට හොඳටම ෂුවර් දැන් බදු වැඩි කරාම ලංකාවේ ඉන්න අන්ගුත්තරයෝ වංගු ගහනවා බදු වලට. ඊටපස්සේ උන් ආයේ එන්නේ අපේ අපායට. දැන් ඉන්න අන්කුට්ටෝයි මුන් ටිකයි සෙට් වෙනවා කියන්නේ බඩුම තමා.
හෙණ මැෂිම කැඩිලා එහෙන්. එකක් චීනෙන් ඕඩර් කළා, කලින් එකේ හෙණ දෙකයි ගැහුවේ බඩු කැඩුනා. මුන් හෙන ඉල්ලන විදියට කොහොමද බං හෙන දෙන්නේ! මුන් හෙන ඉල්ලන්නෙම දියවන්නාවට…කොහොමද බන් දියවන්නාවේ උන්ට හෙණ දෙන්නේ. දියවන්නාවේ ඉන්නෙත් අපේම එකාලා යකෝ! අපේම සහෝදරයෝ!

මම පොඩි රික්වෙස්ට් එකක් දැම්මා බං. දිව්‍ය ලෝකේ බජට් අඩු කරලා මෙහෙ වැඩි කරන්න කියලා. බලපන් එතන දෙවියොම තිස් තුන් කෝටියක්. ඔය තිස්තුන් කෝටියෙන් එකාගෙන් රුපියලක් අඩු කළත් අපිට කෝටි තිස්තුනක් ලැබෙනවා.. උන්ට වැඩත් නෑ. අපි මෙතන හතයි අටයි ඉන්නේ, රෙවෙන්න වැඩ! බලමු පොඩි මැච් එකක් ගහන්න. මේ දුක තුනී වෙන්නත් එක්ක අපි ලාවට සෙට් වෙමු අද

කළුකුමාර : ඉම්පොර්ටඩ් විස්කිද සර්? ගහමු ගහමු

මහසෝනා : පිස්සුද බන්…ඕවට දැන් බජට් නෑ. ගල් ගන්නත් අමාරුයි. දන්කොටුව ස්පෙෂල් තියෙනවා. බඩු සුපිරි. තව ටිකකින් සෙට් වෙමු. ආ මේ මෝහිණී පොඩ්ඩක් මගේ ඔෆිස් එකට එන්න, අර ලංකාවේ උන් රෙද්ද හදන විදිය මට පොඩ්ඩක් කියලා දෙන්න

-නිමි-

කිසිදාක නොපැයූ සඳ

මාස 10ක් කුසේ තියාගෙන පෙරුම් පුරලා හීන මවාගෙන බලාපොරොත්තු බිඳිලා ගියාම

තරු අස්සේ බැබලෙන්න

හිස් අහස සරසන්න

අඳුරු රැය සනසන්න

එයි කියලා හිතුව උබ

සීතලට ගුලි වෙන්න

උණුහුමට දැවටෙන්න

වලාකුළු සළු රැගෙන

පිළිගන්න හිටියේ නුබ

අලුත් අරුතක් දෙන්න

සතුට අරගෙන එන්න

හීන අපෙ එලිවෙන්න

අපිට උන් එකම සඳ

හුස්මකුත් නැතුව අද

උන්නු හැටි දැකල උබ

නැවතුනා හදගැස්ම

කිව්වා මම දෙවියොන්ට

මගේ හුස්ම උබ රැගෙන

යන්න මට ඉඩ දෙන්න

කොහොමටත් උබ නැතිව

පායන්න හඳ නැතුව

අමාවකයි අපේ ලොව

සොහොනට මම අලුත්

කියන්නට මට දහසකුත් ඇත

හෙළන්නට තව සුසුම් ළඟ ඇත

ළඟ ඉඳින්නට පෙරුම් පිරුවට

පස් ගොඩක් යට තනි වෙලා මම

අඳුරා ගන්නට කව්රුවත් නැත

බැලු බැලූ අත සොහොන් නම් ඇත

හිනාවක් නැති ලෝකයක් තුල

මගේ හිනහව සැඟවිලා අද

උන්නු කාලය ඉවරවී අද

මතක පමණක් ඉතුරුවී ඇත

මතකයන් තුල රැඳී ඉමි මම

යලි උපන්නට පින් එපා මට

මට හිතෙන දේ උබට හිතුනොත්

එන්න සොහොනට මං බලන්නට

මල් මිටක් ගෙන උබේ දෑතට

තියල පලයන් මහමෙරක් මට

එහෙම එන්නට දුක වැඩී නම්

එන්න එපා උබ මගේ සොහොනට

උබ නොමැති ලොව කල් ගෙවන්නට

විදිය විතරක් උගන්වන් මට

තව දවසක් හමු වී

ඉමු මේ භවේ

❤️

කීර්ති පැස්කුවල් මහත්තයා කියන තවත් එක ලස්සන සින්දුවක්…මේ සින්දුවේ වචන ටික හරියට අහලා බැලුවේ මම ලඟදි…මට හිතෙනවා සින්දුව ලියපු සජිත් චතුරංග මහත්තයා මේක ලියන්න ඇත්තේ අහිමි වෙච්ච ආදර කතාවක් ගැන වෙන්න ඇති..ඒ පද ටික දිහා බැලුවම තේරෙන්නේ ඒ වගේ.

සින්දුවේ වචන හරියටම ඔලුවට ගිය දවසේ ඉඳන් මට මේ සින්දුව ඇහෙනකොට මතක් වෙන්නේ වෙනමම කතාවක්.වෙනස්ම විදියක ආදර කතාවක්.. (මම නම වෙනස් කරලා කියන්නම්)

ඉෂාර මගේ පන්තියට එන්නේ මට මතක විදියට 2017දී..පොර හෙනම අහිංසක චරිතයක්..කාත් එක්කවත් වැඩි කතාබහක් නෑ…වෙනම තනියම වාඩි වෙන්නේ..දවසක් මම පන්තියේ ගාණක් හදන්න දීලා පන්තිය වටේ රවුමක් දාද්දි පොරගේ පොතට එබිලා බැලුවා…අනිත් අය හිතන්න පටන් ගන්නකොට ඉෂාර ගාණ හදලත් ඉවරයි…මම ඉතින් පොරගේ පොත අරන් බැලුවා…ඔක්කොම නෝට්ස් හරිම පිළිවෙලයි වැඩ ටිකත් ඔක්කොම කරලා….හොඳ මීටර් එකක්.

A/L රිසල්ට්ස් ආපු දවසේ මම ලන්ච් රූම් එකේ ඉද්දි පොර ආවා මාව පොඩ්ඩක් හම්බවෙන්න… A3යි..ලේසියෙන්ම ජපුර යන්න පුළුවන්

“සර් මට පොඩි ඇඩ්වයිස් එකක් ගන්න පුලුවන්ද”

මම : “ඔව් ඉෂාර කියන්න”

ඉෂාර : “සර් මම රුහුණ කැම්පස් එක සිලෙක්ට් කලාට ප්‍රශ්නයක් නැද්ද”

මම : “ඇයි ඉතින්, ඔයාට අනිවාර්යෙන් ජපුර අහු වෙනවා නේ… රැග් එකට බයයිද? දැන් එහෙම රැග් නෑ”

ඉෂාර : “නෑ නෑ සර්…එහෙම දෙයක් නෙවෙයි…අපේ මහා ගෙවල් තිහගොඩ (මාතර) තියෙන්නේ….මම පොඩි කාලෙම තාත්තා නැති උනා…මායි අම්මයි විතරයි ඉන්නේ…මම කොළඹ ආවොත් අම්මා තනි වෙනවා…මම දැන් අම්මා ගාව ඉන්න ඕන සර්”

ඒ වෙලාවේ ඇත්තටම මම පොර ගැන හරියට දැනන් හිටපු නැති නිසා මට තේරුනේ ඒක හරි බොළඳ හේතුවක් කියලා…එත් පස්සේ ඉෂාර ආශ්‍රය කරන්න ගත්තට පස්සේ තේරුණා එයයි අම්මයි අතරේ තියෙන්නේ හරිම ශක්තිමත් සම්බන්දයක් කියලා….

2019 නොවැම්බර් මාසේ අන්තිම දවසක උදේ 4.00ට විතර මට ඉෂාර කෝල් කළා….

“සර් මගේ අම්මා නැති උනා” පොරට එච්චරයි කතා කරගන්න පුළුවන් උනේ…..එක දිගටම අඬන්න ගත්තා..

මම එදා ඔෆිස් එකේ වැඩ ඉවර කරලා මාතර ආවා මළගෙදරට සහභාගී වෙන්න

ඉෂාර මගේ ලඟට ඇවිත් වාඩි උනා..මට මළගෙදර කට්ටියක් කිව්වා ඉෂාර දෙතුන් පාරක් කලන්තේ දැම්ම කියලා

“මගේ මුළු ලෝකෙම කඩන් වැටුනා සර්…මට ජීවිතේටම හිටියේ අම්මා විතරයි..අම්මටත් මම විතරයි සර්….දැන් මම තනියම..සර්ට මතකද රිසල්ට්ස් ආවා දවසේ මම කිව්වා මට ජපුරේ යන්න බෑ අම්මා එක්ක ඉන්න ඕන කියලා…සර්ට හිතෙන්න ඇති එක මෝඩ හේතුවක් කියලා…ඒත් සර් මට ජීවිතේම උනේ අම්මා….තාත්තා නැති උන දවස් ඉඳලා කොයි තරම් කතා අහ ගන්න ඇද්ද සර් මාව තනියම හදා ගන්න, වෙන කසාදයක් කරගන්න කියලා හැමෝම කියද්දී එහෙම කලේ නැත්තේ මම නිසා….මට උගන්වන්න කොයිතරම් දුකක් විඳින්න ඇද්ද??? මට මට ඒක නෙවෙයි සර් වැඩියෙන්ම දුක…අන්තිම මොහොතේ ඉස්පිරිතාලේදී අම්මා මගෙන් වතුර ටිකක් ඉල්ලුවා….මම එක අරන් එද්දී මගේ ඇස් ඉස්සරහ අම්මා ඇස් පියා ගත්තා සර්…මම මහා පව්කාරයෙක් සර්…මට අන්තිම මොහෙතේ අම්මට වතුර එකක්වත් දෙන්න බැරි උනා…මම හරි ආසාවෙන් හිටියේ උපාධිය ගන්න දවසට අම්මව එක්කන් යන්න…මට ඒකත් කරන්න බැරි උනා

මම මට පුළුවන් තරම් උත්සාහයක් දැරුවා ඉෂාරගේ හිත හදන්න…

ඉෂාරගෙයි එයාගේ අම්මගෙයි තිබුණ ආදරේ බැඳීම විස්තර කරන්න මගේ ළඟ තියන වචන මදියි….ඒක විස්තර කරන්න මට හිතා ගන්නවත් බෑ……අම්ම නැති උනාට පස්සේ මානසිකව වැටුන ඉෂාර කොහොමහරි අවුරුද්දක විතර රෙස්ට් එකක් අරන් ඩිග්රි එක කළා…ඒක ඉවර කරලා වැඩි දුර ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් අරන් රටින් ගියා

මේ කතාව ඔලුවේ තියාගෙන පොඩ්ඩක් මේ සින්දුව අහලා බලන්න…මම සින්දුවේ වචන ටික පහලින් දාන්නම්…. ආයෙම කියන්නේ මේක සින්දුවේ ඔරිජිනල් තේරුම නෙවෙයි…මම අහපු ඉශාරගේ කතාව මේකට සම්බන්ද කළා විතරයි….

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..

එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ…

ඔබ වෙනුවෙන්.. හැඬුව තරම්

කියන්න හීන් සැරේ….//

මඳ පවනේ මුසු කෙරුවේ…

යළි නොඑනා… මතක අපේ…

නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහිකෙරුවා…

සුවඳ ඔබේ ජීවිතේ….. පාළුයි මගේ…..

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..

එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ…

තරු දෙවැටේ පිපෙන සඳේ..

දුක වැඩලා ලොවට අපේ…

කිරි සයුරේ මුතු පතුලේ.. සැඟව ගියා..

මැණික මගේ ආදරේ …. ගීයක් වගේ…”

මාරවංශය-1 කොටස

යටගිය දවස අමුතුඇටද්වීපයේ පළමු මෙත්පල් රජුගේ ධුර කාලය ඇවෑමෙන් සබ්බගොජ්ජා රජු සමග ද්වන්ද සටනකින් ජයගත් දෙවන රාජපස්, වීඩමොරුවා රජු හුදී ජනයාගේ ප්‍රීතිඝෝෂා මැදින් රජකමට පත් වුයේය.. සතුටට පත් මහජනයා පොල්කිරි මුඛයට වත්කරගෙන බත් අහුරුද මුඛයට දාගනිමින් කිරිබත් කමින් විජයග්‍රහණය සැමරුවෝය…..

හැට නම ලක්ෂයක මහජනයා වීදි පුරා පෙනෙන පෙනෙන තාප්ප, බිත්ති පුරා බලිකූටු අඳිමින් අමුතු සතුටක් වින්දෝය..මහා අසනි වැසි ඇද හැලී ගංවතුර ගලා මිනිසුන් මිය යද්දී බයි ගෝත්‍රිකයන් ඒවා “ආශිර්වාද වැසි” ලෙස සැලකුවෝය..රූප සුන්දරී තරඟයකින් අමුතුඇටද්වීපයේ ලමිස්සියක් ජයගත් ඒ කල්හීද රටට සශ්‍රීක කාලයක් උදාවූ බව පවසමින් සතුටු වූහ….අඬබෙර ගසන හෙන්චයියන් රටට සුභ කාලයක් උදාවී ඇතැයි උදම් ඇනුහ.

ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරනු වස් දෙවන රාජපස් රජු එවකට පැවති කහවනු පහළොවක සක බද්ද කහවණු අටකට පහත හෙලුවෝය. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කුමන රජ කෙනෙක්වත් නොකළ දෙයක් යයි කියමින් බයිගෝත්‍ර ජනතාව මුහුණු පොතේ තම අණසක පතුරමින් ටොයි ජනතාවට උසුළු විසිළු කළහ…සිත් තැවුලට පත් ටොයිගෝත්‍රික ජනතාව තමන්හට නැවත වාරයක් ලැබෙන කල් තම මුඛයත්, පශ්චාත් ප්‍රදේශයත් වසාගෙන පූර්ණ නිද්‍රාවට වැදුනහ.

සක බද්ද පහත හෙළීමෙන් සතුටට පත් ජනයා මෙත්පල් රජුගේ ධුර කාලයේ සිදුවූ මහා බාන්ඩාගාර කොල්ලය, නානා ආක්‍රමණය අමතක කල සතුටින් ජීවත් වීමට තීරණය කළෝය..

කල් යත්ම සක බද්ද පහල හෙලීම නිසා භාණ්ඩාගාරයේ කහවනු හිඳෙන බව දැනුනු දෙවෙනි රාජපස් රජු තම සහෝදර අග රජු පළමු රාජපස් රජු සමග සාකච්චා කර මහා භාණ්ඩාගාරයට කබ්බ ගොබ්‍රාල් පුරෝහිත තුමෝ පත් කිරීමට තීරණය කළෝය….සන්තෝසයට පත් කබ්බ ගොබ්‍රාල් තුමෝ, තම කහවනු අච්චු ගසන අරුම පුදුම මැසිම සමග තම ධූරයේ වැඩ භාර ගත්හ. එතැන් පටන් භාණ්ඩාගාරයේ කහවනු ප්‍රශ්න කිසිවක් ඇති නොවුනි, කහවනු අච්චු ගසන අරුමුඅ පුදුම මැසිම දිවා රාත්‍රී නොබලා කහවනු අච්චු ගසමින් භාණ්ඩාගාරය පිරවීමට කටයුතු කළේය..

මෙසේ මාස දෙක තුනක් ගතවත්ම අමුතුඇටද්වීපයට දුර්බික්ෂයක් ළඟා වුනි

-මතු සම්බන්දයි-

යාලුවන්ගෙ වික්‍රම- 05 කොටස

මේක ඉස්කෝලේ කාලේ වෙච්ච සීන් එකක්. යාළුවොන්ගේ වික්‍රම කියල කිව්වට මේ සීන් එකට මමත් කොනකින් සම්බන්දයි. නම්ගම් මේකේ ටිකක් අඩුවෙන් සඳහන් කරන්නම්.

ඉස්කෝලේ ඒ ලෙවල් පන්තියේ පලවෙනි අවුරුද්ද. අපි ඉතින් ෆුල් ගැම්මෙන් ඉස්කෝලේ ට්‍රිප් එකක් යන්න කතාව. අද වගේ ඉතින් ඒ කලේ වට්ස්ඇප් ගෘප් නෑ නේ. ඔක්කොම කොළ වල ලියල, බජට් එකක් හදලා අංශ ප්‍රධාන සර් හම්බවෙන්න ගියා අයිඩියා එක කියන්න. සර් පොඩ්ඩක් වැඩේ පස්ස ගැහුවා.

“ළමයි ඕක දැන්ම යන්න ඕනද? අපි තව ඉස්සරහට බලමු?

අපේ ප්ලෑන් එක ඉතින් ලප් තැනම ලොප් උනා. දැන් ඉතින් කොල්ලෝ ෆුල් ඩිප ගහල ඉන්නේ. ඇයි ඉතින් ඔක්කොම සෙට් එක ෆුල් හෝප්ස් තියන් ඔක්කොම ප්ලෑන් ගහපු එක සර් අල කරලා දැම්මා නේ.. ඔහොම මස්ත ගහල ඉද්දි, ඊළඟ පීරියඩ් එක උගන්වන්න එකවුන්ටින් ටීචර් ආවා. ටීචර්ට තේරුණා මුළු පන්තියම හෙනම අවුලෙන් ඉන්නේ කියලා. එතකොට ඉතින් එකෙක් කිව්වා

“බලන්න ටීචර් අපි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කළා…. ඒත් ඔක්කොම අල කරලා දැම්මනේ අර සර්”

ටීචර් : “අනේ එහෙමද…අපේ මහත්තය නම් ඒ ඉස්කෝලේ කොමස් ළමයි එක්ක ට්‍රිප් එකක් යන්න ඔක්කොම ප්ලෑන් කරලා (මිස් ගේ මහත්තය ඉගෙන්නුවේ බාලිකා විද්‍යාලයක…සහෝදර බාලිකා ඉස්කෝලේ)

දැන් අපිට පට්ට මළ….ඒ අපිට ට්‍රිප් එක යන්න බැරි උන එක නෙවෙයි…කෙල්ලෝ ටික ට්‍රිප් එක යන එක ගැන…දැන් ඉතින් පම්පෝරිය අහන ඉන්න එපයි උන්ගේ…

ඉස්කෝලේ ඉවර උන ගමන් ක්ලාස් යන එක පැත්තකින් තියලා අපේ උන් මීටිමක් ගත්තා…මීටිමේ අරමුණ කෙල්ලොන්ගේ ට්‍රිප් එක අල කිරීම…එක එකා එකඑක යෝජනා ගේනවා… පැත්තකට වෙලා කල්පනා කරපු දොඩමා ගෙනාවා සුපිරි යෝජනාවක්

දැන් ඉතින් කෙල්ලොන්ගේ ට්‍රිප් එක යන දවස ටිකෙන් ටික ලං උනා. අපේ ප්ලෑන් එකට අනුව වැඩේට රුපියල් දාහක් විතර යනවා (ඒ කාලේ 1000ක් කියන්නේ පට්ටම ගාණක් ඉතින්)…කොමස් පන්ති තුනේම ළමයින්ගෙන් සල්ලි පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා කොහොම හරි සල්ලි ටික හොයා ගත්තා.

ට්‍රිප් එකට ඉස්සෙල්ල දවස.

ඉස්කෝලේ ඉවර වෙලා ආයේ අපේ මීටීම. දොඩමා පොරගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කතා කරලා අහගෙන ට්‍රිප් එක යන්න සර් උදේ ළමයින්ට ඉස්කෝලෙට එන්න කියලා තියෙන්නේ 4.00ට කියලා… ඊටපස්සේ දැන් මීටේම ඉන්නේ මම, දොඩමා, දුලා, තේජානු, බට්ටා, රවී, පෑලිස්, කස්සා, ජාලිය, ජෙට්ලි, තව 10ක් විතර.

හතර දෙනෙක් ගියා ටවුමට බයිසිකල් වලින්.. ගිහින් අරන් ආවා පත තඩි දාර ඉබ්බෙකුයි තඩි දන්වැලකුයි… අපේ ප්ලෑන් එක උනේ මේ ඉබ්බව මිස්ලගේ ගෙදර එළියෙන් ගේට්ටුවට දාන්න. එතකොට ඇතුලෙන් ගේට්ටුව අරින්න බෑ නේ. අනික තාප්පෙත් ටිකක් උසයි… දැන් ඉතින් ඉබ්බා අරන් ඇවිත් අපි ඉස්කෝලේ ගාව ඉන්නවා හරි වෙලාවක් එනකම්. මිනිස්සු නැති වෙලාවක් වෙන්නත් ඕන නේ..හොඳ වෙලාවට ඉස්සර දැන් වගේ cctv නෑ.. තිබ්බ නම් ඔක්කොම මාට්ටු.

දැන් රෑ 11ට විතර කිට්ටුයි. ඔක්කොම ගියොත් මාට්ටු නිසා දොඩමා තව එකෙක් එක්ක ගිහින් ලස්සනට වැඩේ කරලා ආවා.. දැන් රෑ අපිට නින්ද යන්නේ නෑ.. කෙල්ලො ටිකත් දත කට මැදන් ඉන්නවා උදේ 4ට ට්‍රිප් එක යන්න…

කොහොමහරි අපේ දෙන්නෙක් උදේ පාන්දර නැගිටලා ගිහින් මිස් ලගේ ගෙදර ගාව ටිකක් එහා හැංගිලා ඉන්නවා වැඩේ මොකක්ද බලන්න.

උදෙ 3.45ට මේ අපේ උන් දෙන්න දීපු අප්ඩේට් එක

“කාලකන්ණි බල්ලෝ…කව්ද මේ වගේ සක්කිලි වැඩ කරන්නේ…අවජාතක්යෝ….හෙන ගහනෝ මුන්ට” මිස් ගේ මහත්තය යටි ගිරියෙන් කෑ ගහනවා… ගේට්ටුවට ගහනවා

ටික වෙලාවකින් ඉතින් මිස්ගේ මහත්තාගේ සද්දෙට අහල පහල දෙන්නෙක් තුන් දෙනෙකුත් ආවා..

“මොකද මහත්තයෝ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ”??

බලන්නකෝ පෙරේරා මහත්තයෝ අද මම ඉස්කෝලේ ළමයි එක්ක ට්‍රිප් එකක් යන්න දා ගත්ත.. ඒ ළමයින්ට උදේ හතරට මම එන්න කිව්වා…එත් කවුරුහරි කාලකන්නියෙක් ඉස්සරහ පැත්තෙන් ගේට්ටුවට ඉබ්බෙක් දාලා දන්වැලක් එක්ක….මට දැන් යන්න විදියක් නෑ..අනේ පෙරේරා මහත්තයෝ ඔය ඉබ්බා කඩන්න පුලුවන්ද බලන්නකෝ

අපි ගත්ත ඉබ්බා එහෙම ලොවෙත් ලේසියෙන් කඩන්න පුළුවන් එකෙක් නෙවෙයි…පෙරේරා මහත්තයයි තව දෙන්නෙකුයි නිදි මරගාතේ ඉබ්බා කඩන්න බලනවා..
දැන් කොහොම හරි උදේ පහටත් ලඟයි…ඉස්කෝලේ ගාව ඉඳලා ට්‍රිප් එක යන්න බලන් හිටපු කෙල්ලොන්ගේ අම්මල තාත්තලා ටික දෙනෙකුත් ඇවිත්…

කොහෙන් කොහොමහරි බැරිම තැන සර් ට්‍රිප් එක යන්න හැදුව බෑග් එක තාප්පේ උඩින් තියලා. ඉනිමගක් ගෙනල්ලා තාප්පෙට නැගලා… එහා පැත්තෙන් මේසයක් ගෙනල්ලා, ඒ මේසේ උඩින් පුටුවක් තියලා ඒකට බැහැලා බැන බැන යද්දී උදේ 6ටත් ලඟයි…

නම්ගම් කියන්න බෑ ඉතින් අහුවෙන නිසා..මේ සිද්දිය අදටත් අභිරහසක්

හැබැයි ඉතින් කෙල්ලෝ ටික ට්‍රිප් එක නම් ගියා. අපිට ඉතින් සිරාම කුරිරු සතුටක් දැනුනා අපි කරපු වැඩේට.

අපි ප්ලෑන් කරලා ට්‍රිප් එක යන්න බැරි උනාට අපිත් ඊළඟ අවුරුද්දේ සුපිරි ට්‍රිප් එකක් ගියා ඒක පස්සේ කියන්නම්…

වෙලාවකට හිතෙනවා ජීවිතේ මෙච්චර කෙල වෙන්නේ සර් අපිට කරපු සාපෙ නිසාද කියලත්

-නිමි-

යාලුවන්ගෙ වික්‍රම – 04

අත්තියගෙ යට කලිසම

මේක මම රත්තනපිටිය බෝඩිමේ ඉන්නකොට වෙච්ච සීන් එකක්

අද කතා නායක අත්‍තියා!

අත්තිය කියන්නෙ පට්ටම හිත හොඳ එල කොල්ලෙක්…සුපිරිම චරිතයක්….නියම බොක්කක්…
රෑ ජාමෙට ඕන වෙලාවක කෝල් එකක් දුන්නොත්, අත්ති මට පොඩි ප්‍රශ්නයක් කියලා ඒ වෙලාවෙම යාපනෙ ඉඳන් මාතරට උනත් එන චරිතයක්…

ඒ වුනාට සමහරවෙලාවට පොරගේ ට්‍රැක් අවුට්….

මම එක උදාහරණයක් දෙන්නම්…

දවසක් අපි බෝඩිමේ සෙට් එකම එකතු වෙලා බර දේශපාලන සාකච්ඡාවක්…. ඒ දවස්වල තමා ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබුනේ…. ඉතිං කට්ටියක් ෆෝන්සේකා මහත්තයට සපෝර්ට්…අනිත් කට්ටිය මහින්ද මහත්තයට සපෝර්ට්….දැන් මේ සාකච්ඡාවක් එන්න එන්නම උනුසුම් වෙනවා…එකා එකා මරා ගන්න සීන් එකටම ඇවිත් තියෙන්නෙ…

අත්තියත් වාඩිවෙලා කතාව අහන් ඉන්නව…�ඔහොම සාකච්ඡාවක් නැගල උච්චම තැනට එද්දී අත්තිය එක පාරටම කිව්වා

“ඒ වුනාට බං අපේ පැත්තේ මිනිස්සු නම් හවස හයෙන් පස්සෙ පාරෙ බුදියන්නෙ නෑ”

ඔක්කොම එක පාරට සයිලන්ට් උනා…. පන්නාට (දනුශ්ක) මල පැන්නා…

“මොන මිනිහද ගොනෝ පාරෙ බුදියන්නෙ?�තොට පිස්සුද ඒ කියන්නෙ තොපිලගෙ පැත්තේ මිනිස්සු හවස 6ට කලින් පාරෙ නිදියනවද?�ගොං කතා කියන්න එපා යකෝ”

ඔන්න ඔහොම ක්‍රැක් කේස් එකක් අත්තියා…

හරි අද කතාව බලමු…

අපේ බෝඩිමේ මගේ බැච් එකෙන් හිටියෙ මම විතරයි.. අනිත් ඔක්කොම සෙට් එක මට වැඩිය අවුරුදු දෙකක් ජූනියර්. ඒ උනාට අපි සෙට් එකෙම හිටියෙ එකට. මම, අත්තියා, පන්නා, පතුලා, ඇල්ටො, ජෙටා, හිරියා, එදිරි, ඩෝරා, ගැට්ටා, බ්‍රැකටා හෙනම සෙට් එකක් හිටියා. මම කලින් ලියපු බෝඩිමේ කතා කියෙව්ව නම් ඔය නම් ටික අහල ඇති…

ඉතිං දැන් ඔන්න මුන් සෙට් එක හාහාපුරා බැච් ට්‍රිප් එක යන්න සෙට් වෙලා. බැච් ට්‍රිප් එක යන්නෙ රැග් සීසන් එක ඉවර උනු ගමන් නිසා..කට්ටියම හෙන බැච් ෆිට් මොරාල් එකේ ඉන්නෙ..

ඔය දවස්වල අත්තියා එහෙම හෙනම බැච් මොරාල් එකේ. දවසක් මම බෝඩිමේ පාඩම් කර කර ඉද්දි ලොකු රණ්ඩුවක් වගේ ඇහෙනවා.
අත්තියලගෙ බැච් එකේ එකෙක් සීනියර් කෙනෙක් එක්ක වලියක් දාගෙන.. වලිය දාගත්ත එකාව අත්තියා දන්නෙත් නෑ…මොකක්ද සීන් එක කියලා අත්තියා දන්නෙත් නෑ.. දැන් මූ මෙ කට්ටිය එකතු කරනවා සීනියර් බැච් එකට ගහන්න යන්න.

මාත් ගිහින් ඉතිං පොඩ්ඩක් පොර ෆෝම් කලා (මම දැනන් හිටියා ඉතිං රජ කෑමක් සෙට් වෙනවා කියලා අත්තියට. ඒත් ඒ පාඩම මූ ඉගෙන ගන්න ඕන නෙ)

“ඔව් බං…මේක උබලගෙ බැච් එක..උබල එකතු වෙන්න ඕන..උබලට කවදාහරි ඉතුරු වෙන්නේ උබල විතරයි (මාත් හෙන ගැම්මෙන් අත්තියට තෙල ගහනව) මට පේනවා පොරගේ මොරාල් වැඩි වෙනවා…මටත් ඉතින් හෙන ආතල්

පොර ඉතිං වලියට යන්න ගියා. මාත් හවස දත කට ඇරන් බලන් ඉන්නවා මූ ගුටි කාලා එන හැටි බලන්න..වැඩක් උනේ නෑ වලිය ගිහින් නෑ..අපරාදේ මම තෙල ගහපු එක…

දැන් ඔන්න බැච් ට්‍රිප් එක දවස ටික ටික ලං උනා…

ට්‍රිප් එකට කලින් දවසේ බෝඩිමේ සෙට් එක සෙට් වෙලා…සමහර උන් බොන්න සෙට් වෙච්ච පලවෙනි දවස…බයිට් එකට කඩල, මයියොක්කා, වඩේ, මුරුක්කු, ඇන්ටිගේ කඩේ එළවලු රොටි, බිත්තර රොටි.

බොන්න තිබුනේ ගල්.

ඔෆිස් එකේ වැඩ වගයක් තිබුන නිසා මම මගේ කාමරේට වෙලා වැඩ කර කර හිටියේ (තුන්වෙනි අවුරුද්දේ ඉඳල අපිට වැඩ කරන්න යන්න පුළුවන්)

ටික වෙලාවකින් අත්තිය කෑම බැග් එකක් අරන් ආවා මගේ කාමරේට.

පොර මට කතා කරන්නේ ඉසුරු අයියා කියල

“ඉසුරු අයියේ බලනවකෝ. මට මාර චාන්ස් එකක් සෙට් උනා. විජේරාම හන්දියේ බාර් එක ගාව කඩල විකුණන ඩයල් එක මාත් එක්ක ෆිට් උනා…අපේ උන් අද සෙට් වෙනවා කිව්වම පොර මට බැදපු මාළුවෝ පාර්සල් එකක් නිකන් දුන්නා. ආ කන්න”

කියලා මටත් දුන්නා.. මාත් එකෙක් අරන් කටක් කෑවා විතරයි…මට තේරුනා වැඩේ අවුල් කියලා…මම ටග්ගාලා දුවලා එලියට ගිහින් කටෙන් එලියට දැම්ම.

මම : “යකෝ කන්න එපා ඕක නරක් වෙලා”

අත්ති : “පිස්සුද ඉසුරු අයියේ…මේවා දෙහිඅත්තකන්දියේ බඩවල්…ඕන කෑමකට ඔට්ටුයි…

පොර ඒක අරන් ගියා ආයේ බොන තැනට…කොහොමහරි මූ විතරයි මාළු ටික කාලා තියෙන්නේ. අනිත් උන් ඔක්කොම කියලා මේක නරක් වෙලා කියලා…

දැන් පාටිය නැගල යනවා…ජෝතිපාල, මිල්ටන් සින්දු ඇහෙනවා… ටික වෙලාවකින් මගේ කාමරේ දොරට තට්ටු කරනවා එකෙක්..මම දොර ඇරියා…පතුලා ඇවිත් තියෙන්නේ…වැනි වැනි ඉන්නවා දොර ගාව

“ආදරෙයි හොඳේ ඉසුරු අයියේ….මගේ බොක්ක හොඳේ” මාව බදාගෙන ඔහොම කියල පොර ගියා

කොහ්මහරි දැන් ඉතින් පස්සෙන්දා උදේ සෙට් එකම හන්තානේ ගියා…සති අන්තේ නිසා මාත් මාතර මහ ගෙදර ගියා…. ආයේ මට අත්තියා සෙට් උනේ සඳුදා හවස. මම කාමරේ ඉන්නකොට පොර ආවා කාමරේට

අත්ති : “ඒ ඉසුරු අයියේ බැච් ට්‍රිප් එකේදී මට බලු සීන් එකක් සෙට් උනා නේ”

මම : “මොකෝ උනේ”

අත්ති : “බඩ අවුල් ගියා නේ අප්පා”

මම : “මම තොට කිව්වා අරක කද්දී”

අත්ති : “හරි හරි..අහන්නකො….තැන් තුන හතරකදී සෙට් උනා…මම ශේප් එකේ කැලේට දුවල රිලීස් කළා”

මම : “කොහොමද ඕයි හේදුවේ”

අත්ති : “තණකොළ පිහිට තමා” (පොර කින්ඩි හිනාවක් දැම්මා)

මම : “උබත් අනේ මන්දා බං”

අත්ති : “අහන්නකො ඒක නෙවෙයි හොඳම සීන් එක…අන්තිම පාරට බොක සෙට් වෙද්දී මගේ බඩ රිදෙන්න ආවා අම්බානක…මම හිතුවේ මම මැරෙයි කියල ඉසුරු අයියේ…දඩ බඩ ගාලා කැලේට දුවලා මම කලිසම ගලවද්දීම පොඩ්ඩක් ලන්කට් එකේ ගෑවුනා නේ”

මම : “ඉතින් උබ ලන්කට් එක හන්තාන කැලේට වීසි කලාද?”

අත්ති : “පිස්සුද ඉසුරු අයියේ…ඒක අලුත්ම ලන්කට් එක….මම රුපියල් 190 දීලා ගිය සතියේ ගත්තේ…එහෙම කොහොම වීසි කරන්නද….මාර අපරාදයක් නේ. මම ඒක රෝල් කරලා සාක්කුවේ දාගත්තා”

මම : “තොට පයිත්තියන්ද!!!! ඊයා බං…..

අත්ති : “අහන්නකො අයියේ…කොහොමහරි බස් එකට අපි ආයේ රෑ එද්දී උදේ 3 විතර වෙලා…ඔක්කොම හන්තර් වෙලා වැටිලා ඉන්නේ බස් එකේ…දැන් බස් එක ඇතුලේ පට්ටම ගඳයි….ගන්දස්සාරේ බෑ… එකෙක් කිව්වා කවුරුහරි ජරාවක් පාගන් ඇවිත්ද කොහෙද….මාත් ඉතින් උන් එක්කම සෙට් වෙලා ඔව් ඔව් කවුරුහරි මොනවා හරි පාගන් ඇවිත් කියලා …ජරාව පාගන් ආවේ කවුද කියල හෙව්වත් එක්ක….උන් අන්තිමට ඔක්කොම සෙට් එක උදේ 3ට බස් එකෙන් බස්සලත් චෙක් කළා…මාත් ඉතින් උන් එක්කම චෙක් කළා..අහු උනේ නෑ කියන්නකෝ..මම දැන් ඇඳන් ඉන්නෙත් මේ ඒක

මම : බැහැපන් යකෝ මගේ ඇඳෙන්

අත්ති: හරි හරි හෝදලා තියෙන්නේ

මූත් අම්මපා රජ ඩයල් එකක් නේ….