ආච්චිගේ නිවන් ගමන

නිවන් යන්න හිතං
පංසලට දානේ දෙන්න
ආපු ආච්චිගෙ
සෙරෙප්පු දෙක
කව්දෝ එකෙක්
උස්සලා
ආච්චි
ගේට්ටුව ගාව
කෑමොර දෙනවා
යකෝ හෙණ ගහපන්
හිඟන හොර හැතිකරේට
ඒ වෙලාවෙම
බෝ මලුවෙ
බණ කියන
හාමුදුරුවෝන්ට
ලොකු
සාදුකාරයක්…..
අම්බේ
ඇති යාන්තම්
පව
අනුමෝදන් වෙන්ට
ඇති
සාදු සාදු

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

One thought on “ආච්චිගේ නිවන් ගමන”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s