
මේක මම පටන් ගන්නම් Beatles සංගීත කණ්ඩායමේ John Lennonට වෙච්ච සිද්දියක් කියලා….
ජෝන්ට අම්මා පොඩි කාලේ ඉඳලා උගන්වනවා “සතුට” තමා ජීවිතේ වැදගත්ම දේ කියන එක….ඉතින් එයා දවසක් ඉස්කෝලේ ගියාම ටීචර් පන්තියේ ලමයින්ට කියනවා ලොකු උනාම තමන් කරන්න ඉන්න එක ගැන ලියන්න කියලා……ජෝන් කොලේ ලියන්නේ “මට සතුටින් ඉන්න ඕන” කියලා…
ටීචර් එයා ළඟට ඇවිත් කියනවා “ජෝන් ඔයා ප්‍රශ්නේ හරියට තේරුම් අරන් නෑ”
එතකොට ජෝන් ටීචර්ට කියනවා “ටීචර් ජීවිතේ හරියට තේරුම් අරන් නෑ”
ඔතන තමා අපි ගොඩ දෙනෙක්ට වැරදුනේ…..ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ අනිත් අයට ඕන විදියට එයාලට පේන්න……මමත් එහෙම කාලයක් ජීවත් උනා……අපි ගොඩ දෙනෙක් බයයි අනිත් අය අපි ගැන මොනවා හිතයිද? මිනිස්සු අපිට හිනා වෙයිද?….පොර ටෝක්ස් ඉශු කරන්න ඕන නෑ…..මාත් ඉස්සර එහෙම තමා ජීවත් උනේ!!!!
එක උදාහරණයක් මම ගන්නම්!!!! මට ඉස්සර ඉඳලා තිබුන බයක් තමා අපේ තාත්තා මම ගැන ආඩම්බර වෙනවද නැද්ද කියලා?? මම ඉතින් අම්බානක ට්‍රයි කළා එක කරන්න…..පුළුවන් තරම් උත්සහා කළා තාත්තා බලාපොරොත්තු වෙන standard එකට එන්න…..එක කරන්න අමාරු උනේ අයියයි, මල්ලියි තාත්තගේ ඔලුවේ ලොකු standard එකක් දාපු එක!!! අයියා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් මල්ලි දත් දොස්තර කෙනෙක්….මට ඒ standard ලොවෙත් මැච් කරන්න බෑ!!!! ඒත් මම අත ඇරියේ නෑ…..දිගටම ට්‍රයි කළා……
පස්සේ මට තේරුණා….මේක හරි යන්නේ නෑ!!!! තාත්තා කවදාවත් මම ගැන ආඩම්බර වෙන එකක් නෑ!!!! එකට මට කරන්න දෙයකුත් නෑ!!!! ඒකත් එක්කම ඔලුවට ගිය එකක් තමා තමන්ගේ කෙනෙක් හිතන විදියට මට ජීවත් වෙන්න බැරි නම් අනිත් මිනිස්සු ගැන කවර කතාද කියලා!!!
අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි…ඒකත් අනිත් මිනිස්සු හිතන විදියට ජීවත් වෙන්න ගියොත් විනාසයි…..
අනිත් එක අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි….හැමෝගෙම ජීවිත 100%ක් සුදු නෑ…කළු ටිකක් ගෑවිලා තියෙනවා…..මාත් ජීවිතේ වැරදි කරලා තියෙනව මටත් ජීවිතේ පසුතැවීම් තියෙනවා…..කරපු හැම දේ ගැනම මට ආඩම්බර වෙන්නත් බෑ…….මම 100% සුදු චරිතයක් කියනවනම් මම පට්ට ගොනෙක්……
වැරදි නම් ඉතින් හදා ගන්න ඕන!!!
හැබැයි ඉතින් පසුතැවෙන එක නම් නැති කරලා දාන්න විදියක් හොයා ගන්න ඕන…..ඒක නම් ජීවිතේ පරිණත වෙද්දී ටික ටික හරි යනවා….වයස යනවා එක්ක අපි එක පාරට තීරණ ගන්න එක නවතිනවා….ටික ටික හිතල තීරණ ගන්න ගත්තම ඒක අඩු උනා….සමහර තීරණ තියෙනවා අපිට මොළේට ඉඩ දෙන්න වෙන…..සමහර තීරණ තියෙනවා හදවතට ඉඩ දෙන්න වෙන…..ඔය දෙකෙන් එකක් තෝර ගන්න උනොත් හදවතට ඉඩ දෙන්න ඕන…
තව කියන්න ඕනෑම එකක් තමා පලවෙනි පොයින්ට් එකේ අනිත් පැත්ත…..අනිත් උන්ව Judge කරන්න යන එක…..
මාව දැක්කම සමහරු හිතන්නේ මම මහා රස්තියාදුකාරයෙක්….මැරයෙක්…..කියන එක!!!! මගේ පෙනුම, Tattoos, රැවුල ඔක්කොම එකතු උනාම ඒක තමා සමාජේ රස්තියාදුකාරයෙක් කියන standard එක…..
- මගේ පෙනුම මට වෙනස් කරන්න බෑ….
- පච්ච ගැහුවා කියල මම රස්තියාදුකාරයෙක් වෙන්නෙත් නෑ….Badass වෙන්නෙත් නෑ…..හොඳ මනුස්සයෙක් වෙන්නෙත් නෑ…..tattoo කියන්නේ art එකක්…..ඒකට මම ගරු කරනවා…එච්චරයි!!! අනික tattoos වලට තේරුමක් තියෙනවා……මගේ වම් අතේ තියෙන Anchor(නැංගුරම) එකෙන් කියන්නේ Solid (ස්ථිර/ශක්තිමත්) කියන එක…දකුණු අතේ තියෙන ඇතා ගෙන් කියන්නේ intelligence and courage (බුද්ධිය හා ධයිර්ය)…මම ජීවිතේ ගත්ත අමාරු තීරණයක් මතක තියන්න මම එක ගැහුවේ
වැල් වටාරම් ගැහුවට මේකේ තියෙන සංක්ෂිප්තය මම කියන්නම්….
ජීවිතේ කොටයි
අනිත් උන්ට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ
අනිත් උන් ජීවත් වෙන විදියත් අපිට අදාළ නැ
අදාළ වෙන්නේ අපි අනිත් උන්ට කරදරයක් වෙන්නේ නැතුව අපිට ඕන විදියට සතුටින් ජීවත් වෙන එක විතරයි!!!
කවදමහරි මට හිතෙනවා තාත්තා මම ගැන ආඩම්බර උනේ නැතත් “දෙවෙනි එකා උගේ ජීවිතේ සතුටින් ජීවත් වෙනවා කියලා” සතුටු වෙයි කියලා