
උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් උනා
ගොඩක් වෙලාවට හොඳ රිසල්ට් එකක් ආවම ළමයා හිතන්නෙ ඒක ළමයගෙ උත්සාහය කැපවීම නිසා කියලා…. AL සර් හිතන්නේ ඒක සර්ගෙ උත්සාහය හා කැපවීම නිසා කියලා
චොර රිසල්ට් එකක් ආවොත් ළමයා හිතන්නෙ සර්ගෙ වැරැද්ද කියලා….. සර් හිතන්නෙ ළමයගෙ වැරැද්ද කියලා
මේක දෙගොල්ලොම එකතු වෙලා එක ටීම් එකේ ඉඳන් ගහන මැච් එකක් කියලා තේරුම් ගන්න අය ගොඩක් අඩුයි…
ගුරුවරයෙක් විදියට ළමයෙක් හොඳ ප්‍රතිඵල ගන්නකොට ඒකෙන් අවංක සතුටක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා..ඒක මම දන්නවා..හැබැයි මගේ නම් මතය (මම වැරදි වෙන්න පුළුවන්) ගුරුවරයෙකුට බෑ මෙහෙම “ළමයි බිහි කරන්න”….. ගුරුවරයෙකුට පුළුවන් අඟුරු ගොඩෙන් දියමන්ති හොයලා ඒක ඔප දාන්න….අපි හැමෝටම වගේ අපේ ජීවිත වෙනස් කරපු ගුරුවරු අනිවාර්යයෙන්ම ඉන්නවා….ඒත් අපේ ඒ ගුරුවරු කවදාවත් කියන්නෙ නෑ අපි මේ ළමයි බිහි කලා කියලා….
මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරු අතරෙ උඩින්ම ඉන්නෙ කපිල සර් (මගේ ලොකු තාත්තා)….ලොකු තාත්තා තමා මට යන්න ඕන පාර පෙන්නුවෙ….අනිත් කෙනා ඩග්ලස් සර් (මගේ ඕලෙවල් කොමර්ස් සර්)….ඩග්ලස් සර් තමා මාව කොමර්ස් වලට යොමු කරේ…
ඒලෙවල් හොඳට පාස් උන දරුවෝ හැමෝටම මම හදවතින්ම සුභ පතනවා….ඔය ප්‍රතිඵලය අවුරුදු ගාණක් හොඳට මහන්සි වෙලා ගත්තු එකක්…වටිනම ජයග්‍රහණයක් …….
ඒ වගේම මේ ඔයාලට ලැබුණ ජයග්‍රහණයේ වැඩි කොටසක් ඔය බිහි කරපු සර්ලට වඩා අම්බානක කැපවීම් කරපු අම්මා තාත්තට ලැබෙන්න ඕන බව මතක තියා ගන්න..එයාලට ලබා ගන්න බැරි වෙච්ච දෙයක් ඔයාලට ලබා දෙන්න නොකා නොබී වැඩ කරපු එකේ ගෞරවය දෙන්න…
අනිත් අය මොනව කිව්වත් කමක් නෑ Result එකේ ෆොටෝ එකක් ෆේස්බුක් දාන්න හිතෙනව නම් ඒක දාලා සතුටු වෙන්න…මේක ඔයාගෙ ජයග්‍රහණයක්
අනික් එක මතක තියාගන්න…..මේක ජීවිතේ දැනට ලබා ගත්ත ලොකුම ජයග්‍රහණය වෙන්න පුළුවන්….හැබැයි මේක නෙවෙයි ඔයාලා ජීවිතේ ලබා ගන්න ලොකුම ජයග්‍රහණය….ජීවිතෙ ඉස්සරහට මීට වඩා ලොකු ජයග්‍රහණ ගන්න පුළුවන්….
මම එක උදාහරණයක් කියන්නම්…හිතන්න තව අවුරුදු 20න් විතර ඔයා හොඳ ජොබ් එකක් කරන ගමන් ඉන්නවා…වෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න යද්දි ඒ වෙනකොට සමහරවිට ඔයා මේ AL result එක CV එකේ නොදා ඉන්නත් පුළුවන්….මොකද ඒ වෙද්දි මේක ජීවිතේ ගත්‍තු එක ජයග්‍රහණයක් විතරක් වෙන්න පුළුවන්….
බලාපොරොත්තුව වෙච්ච රිසල්ට් එක ලැබුනෙ නැතිව දුකෙන් ඉන්නවනම් මුලටම ඔලුවට ගන්න ඕන දේ තමා
“වපුරන විදියට තමා අස්වැන්න ලැබෙන්නෙ”
තල වපුරලා අපිට වී ගන්න බෑ….
අපි හැමෝම වැරදි කරනවා ජීවිතේ ….වෙච්ච වැරැද්ද හදාගෙන ඒක ආයෙ නොවෙන්න වැඩ බලාගෙන ඉස්සරහට යන්න අපි බලමු…AL කියන්නෙ ජීවිතේම නෙවෙයි….මේක එක කඩඉමක් විතරයි….මේක අවුල් උනා කියලා ජීවිතේම අවුල් වෙන්නෙ නෑ….
හැබැයි ඔයා දිගටම හිතුවොත් මේක අවුල් උන නිසා ජීවිතේ අවුල් වෙනව කියලා ඒක නිසා ජීවිතේ අවුල් වෙන්න පුළුවන්…
මගේ හොඳම යාලුවෙක් ඉන්නව AL අවුල් කර ගත්ත…පොර ඒක නිසා ජීවිතේ අවුල් කර ගත්තෙ නෑ…ඉස්සෙල්ලම හොඳට ඉංග්‍රීසි හදා ගත්තා….පස්සෙ ප්‍රයිවට් කැම්පස් ඩිග්‍රි එකක් කරලා අද ගොඩාක් හොඳ තැනක ඉන්නවා…. මේ හැමදේම වෙන්නෙ අපි ජීවිතේ දිහා බලන විදිය අනුව තමා
තව මගේ අදහසක් කියන්න ඕන S3ක් ගත්ත කෙනෙක් මේ ප්‍රතිඵලය හරි නෑ අඩුම ගානෙ C3ක් කර ගන්න ඕන කියලා හිතලා දෙවෙනි පාර විභාගෙ කරන එක තේරුමක් නෑ….මොකද දැනටම ඔයා පාස්…ජීවිතේ කාලයක් යද්දි මේක එක විභාගයක් විතරයි…ආයෙ ජීවිතේ අවුරුද්දක් පස්සට යන්න ඕනද??? (මගේ අදහස විතරයි උපදෙසක් නෙවෙයි)…..
හැබැයි ඔයාට S3ක් ඇවිත් ඔයාගෙ හීනෙ තියෙන්නෙ ආණ්ඩුවේ කැම්පස් එකකට යන්න නම්, කලින් පාර කරපු වැරදි හදාගෙන ආයෙ විභාගෙ කරන්න ලෑස්ති වෙන්න… ධෛර්යය අරන් වැඩ කරන්න
මොනව උනත දෙවෙනි පාර විභාගෙ කරන්න ගන්න තීරණෙ හැඟීම් වලට යටත් වෙලා විතරක් ගන්න එපා…හොඳට කල්පනා කරන්න..මොළෙන් අහලා බලන්න….
දෙවෙනි පාර හරි තුන්වෙනි පාර හරි ආයෙ විභාගෙ කරනව කියන්නෙ ජීවිතේ අවුරුදු දෙක තුනක් පස්සට යනවා.
ඊට පස්සෙ මොකද වෙන්නෙ???
අපි ඔක්කොම මිනිස්සු….. ඔයා ඊට පස්සෙ ඔයාව ඔයාගෙ යාලුවො එක්ක සංසන්දනය (compare) කරන්න යනවා… මගේ හොඳම යාලුවො දැන් කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ…තව යාලුවො ජොබ් කරනවා….මම තාම AL….ඊටත් පස්සෙ මොකද වෙන්නෙ…ඔයාට හැමෝම එක්ක තරහක් ඇති වෙනව ප්‍රෙෂර් එක එක්ක…යාලුවො පෙන්නන්න බැරුව යනව…ගෙදර කට්ටිය පෙන්නන්න බැරුව යනවා….ආයෙ විභාගෙ අනා ගන්නව….(ළමයි එක්ක තියෙන අත්දැකීමෙන් මම කියන්නෙ)
මේ ඔක්කොම හරියටම හිතලා ගන්න තීරණයක් ගන්න….තීරණය තනියම ගන්න අමාරුයි නම් දන්න කෙනෙක් ගෙන් උපදෙස් ගන්න…
මම මේක ඉවර කරන්නම් ගජේන්ද්‍ර ලියනාරච්චි සර් අද ලියපු ලිපියෙ කෑල්ලක් අරන්
“AL ප්‍රතිපලය යනු මැච් එක බලන්න ලැබෙන ටිකට් එකක් මිස ක්‍රීඩා කිරීමට ලැබෙන අවස්ථාවක් නොවේ”
(උපදෙස් නොවේ අදහස් පමණි…කාටවත් අපාහාසයක්ද නොවේ)