නිශාන්ත ගේ පූසා
මේකත් කැම්පස් එකේ වෙච්ච සිද්දියක්. මතක විදියට දෙවෙනි අවුරුද්දේ. දෙවෙනි අවුරුද්ද වෙනකොට අපි කැම්පස් ජීවිතේට හොඳට පදම් වෙලා හිටියේ.
ඒ දවස්වලම තමා කැම්පස් එකට අලුතෙන් වී.සී කෙනෙක් පත් කලෙත්. කලින් හිටපු කෙනාට වැඩිය අම්බානක වෙනස් චරිතයක්. ප්රසිද්දියේ කතාවක් කරන්න ගියොත් අම්බානක බුල කියවනවා. බුලක් නැති කතාවක් හොයා ගන්න බැරි තරම්. කැම්පස් එකේ ස්විමින්ග් පූල් එක ඕපන් කරපු දවසේ පට්ටම චොර කතාවක් කිව්වා.
“අපේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ඕන, අපේ ළමයින්ට නාන්න පූල් එකක් හදල දුන්නට”
නාන්න පූල් එකක්?? හත්පොලේම ඉතින්…..
තවත් දවසක් කතාවක් කරද්දී
“මේ කැම්පස් එකේ 99.6%ක් ඉන්නේ හොඳ ළමයි…ඉතිරි 4% තමා මේක කන්නේ, ඒ කියන්නේ ගොම කළයකට කිරි බින්දුවක් දානවා වගේ වැඩක්” කිව්වා
ඔය වගේ ආතල් කතා ලෝකයක් ඉතින්.. හරි ඕක නෙවෙයි අද කතාව.
මාකටින් ඩිපාට්මන්ට් එකේ සබ්ජෙක්ට් එකක්…ඒකෙ ගෘප් ප්රොජෙක්ට් එකක්….වෙනදා ගෘප් ප්රොජෙක්ට් එකකට කට්ටිය බෙදුවම ගොඩක් වෙලාවට අපේ සෙට් එක එකට වැටෙන්නේ….අපේ සෙට් එක එකට වැටුනොත් ඉතින් මට,චානාට,හසීට වැඩි වැඩක් කරන්න නෑ. මනොෂ්,පුබෝ,වීපී,දිල්, ජාදු වැඩේ ඇදන් යනවා…උන් දන්නවා මායි, චානයි, හසී සෙට් උනොත් වැඩේ අල කියලා. ඒක නිසා ඒ සෙට් එක ශේප් එකේ වැඩේ කරනවා. අපිට තියෙන්නේ චූටි චූටි වැඩ. කඩේට ගිහින් කන්න මොනවහරි ගේන්න, ප්රසන්ටේෂන් එක එඩිට් කරන්න අන්න ඒ වගේ වැඩ…
මේ පාර ගෘප් එකට සෙට් උනේ අපේ සෙට් එකේ කට්ටිය නෙවෙයි. E2 ගෘප් එකේම වෙන කට්ටියක්…අපේ ගෘප් එකේ 8ක් හිටියා..එතනින් ටිකක් හරි මම ආශ්රය කරලා ෆිට් එකකට හිටියේ නිශාන්තය විතරයි…අනිත් සෙට් එකත් එකම ක්ලාස් එකේ උනාට වැඩිය සෙට් වෙලාම නෑ…නිශාන්ත සෙට් උනෙත් රැග් සීසන් එකේදී විතරයි..පොරගේ ගෙවල් රත්නපුරේ පැත්තේ. හොස්ටල් එකේ හිටියේ.
දැන් ඉතින් ගෘප් බෙදලා අපේ පළවෙනි මීටින්ග් එක තිබුනා…හත් ඉලව්වට ගහපු කලාබර කිව්වලු…අලම ගෘප් එකක්. ඉන්න එවුන් මටත් වඩා අවුල්. එතකොට හිතා ගන්න පුළුවන් නේ!! ඔක්කොම බලන් ඉන්නේ අනිත් එකාගෙන් ගොඩ යන්න…මට නිකන් දිට්ටධම්ම කර්මයක් පඩිසන් දුන්නා… මොනවා කරන්නද ඉතින්…වැඩේ ඇදන් යන්නත් ඕන. ඒක හින්දා මම නිශාන්ත එක්ක වැඩේට බැස්සා. පුරුදුත් නෑ එහෙම වැඩ කරලා.
අපි ටීම් එකේ අනිත් උන්ටත් එන්න කියලා හට් එකකට වෙලා හිටියා… ටිකක් වෙලා යද්දී තව කෙල්ලෝ දෙන්නෙක් ආවා . අපි හතර විතරයි. ෆුල් මස්ත…හැම එකගේම මව් ගුණ හිතෙන් වයමින් අපි වැඩ පටන් ගත්තා. අර කෙල්ලෝ දෙන්නත් කිසි වැඩක් කරන්නේ නෑ . උන්ගේ පාඩුවේ උන් මොකක්ද විභාගෙකට පාඩම් කරනවා
ටික වෙලාවක් යද්දී මම දැක්කා නිශාන්තය ෆුල් ඩිප ගහල පැත්තක් බලන් ඉන්නවා…මම වැඩිය ගණන් ගත්තේ නෑ. ආයේ මගේ වැඩේ කරන් ගියා..ආයේ ටික වෙලාවකින් බලද්දී මුගේ මූණ දෙක වෙලා හෙන අවුලෙන් පොර.
මම : “මොකෝ බං කේස් එක”
නිශාන්ත මූණ තව අවුල් වෙලා අඬන්න පටන් ගත්තා…
මම: “ඇයි බං කියහන්”
නිශාන්ත : “අපේ හොස්ටල් එකේ පූසා ඊයේ මැරුණා බං, මට පට්ට දුකයි ඒකට”
අර පාඩම් කර කර හිටපු කෙල්ලෝ දෙන්නා…
“අනා…පව් අනේ ඔයා…ඔයා යන්න අපි මේක කරන්නම්…ඔයා දුක් වෙන්න එපා….ගිහින් රෙස්ට් කරන්න..අපි මේක බලා ගන්නම්”
මගේ ඔලුව ඇතුලේ:
“යකෝ තොපිල දෙන්නට පිස්සුද??? මම දැන් මේක තනියම කරන්නද?? තොපිල දෙන්න හොඳයි දොරක අඩේකට තියන්න…මූ විතරයි උදව්වට හිටියේ…දැන් ඌත් යවන්න හදන්නේ”
නිශාන්ත ටික වෙලාවකින් බැග් එකත් අරන් අඬ අඬ හොස්ටල් එකට ගියා…
මම ටිකක් කූල් උනාම මටත් පොර ගැන දුක හිතුනා…පව් මූ ඇත්තටම ඒ පූසට ආදරේ ඇති…නැතනම් ඔහොම අඬන්නේ නෑ නේ..සිරාම සත්තුන්ට ආදරේ පොරක් වගේ කියල මට හිතුනා
කොහෙන් කොහොමහරි ෆුල් ගේමට බැහැල ගෘප් ප්රොජෙක්ට් එක තනියම වගේ ඇද්ද මම…හොඳ ලකුණු ටිකකුත් ලැබුනා ඒකට….
ඔය සිද්දිය වෙලා මාසෙකට විතර පස්සේ මම ජිම් කැන්ටිමේ ප්ලේන් ටී එකක් බි බී ඉද්දි නිශාන්ත ගේ රූම ආවා එතනට…අපි එකම බැච් එකේ උනාට මම E2 ක්ලාස් එකේ පොර A4 එකේ.. මම ඉතින් පොර එක්ක කයියට සෙට් වෙලා දේශපාලනේ කතා කරලා ටික වෙලාවකින් ඇහුවා
“අඩෝ නිශාන්ත හිත හොඳ එකා නේ බං…සත්තුන්ටත් පට්ට ආදරේ නේ…ගිය මාසේ පූසා නැති උන දවසේ මූ ඇඩුවා බන්..පව් නේද?? මූ හෙන ආදරෙන් ඉන්න ඇති නේ”
පොර මගේ දිහා බලන් ඉඳල හිනා වෙලා කියනවා
“උබට පයිත්තියන්ද බං…ඔය පූසා මැරිලා මාස 5ක් විතර වෙනවා…අනික ඌ එහෙම පූසට මම දන්නා තරමින් ආදරෙන් හිටියේ නෑ”
මට දැන් පට්ටම මල… ඇයි යකෝ මම තනියම වැඩේ ගොඩ දැම්මේ…මූ නිකන් ආතල් එකේ හිටියා…
මම ටික වෙලාවක් කල්පනා කරලා ගියා නිශාන්ත ගේ හොස්ටල් එකට…මූ ඉන්නවා කාමරේ
මම : “ඇයි බං උබ බොරු කිව්වේ පූසා මැරුණා, ඒකට උබට දුකයි, වැඩ කරගන්න බෑ කියලා”
නිශාන්ත: ” නෑ බන්…මම ඇත්ත කිව්වේ…ඌ මැරිලා දැන් මාස 5ක් විතර වෙනවා…මට ඒ උනාට ඒක ගැන දුක හිතුනේ එදා….ඒකයි මම එදා ඇඩුවේ”
මොන හතර බීරි කතාවක්ද ඒක…මුගේ දුකත් සමහර අරක්කු බ්රෑන්ඩ් වගේද?? තැපෑලෙන් ද වදින්නේ??එක්කෝ මුගේ ක්රැක් සීන් එක වෙනමම ලෙවල් එකක තියෙන්නේ…මට මූ එක්ක ඩීල් කරන්න බෑ කියල මට තේරුණා…
මම ඉතින් කටයි පශ්චාත් ප්රදේශයයි වහන් ආයේ කැම්පස් එකට ගියා